(සුජිත් හේවාජුලිගේ )
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්... ඩඩ්ලි සහ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් දෙදෙනෙකු එකතුවෙලා කරන සහල් මාෆියාව වගේ ලංකාවේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ කිහිප දෙනෙකු එකතුවෙලා කරන මාෆියාවක් රටේ තිබෙනවා. එමනිසා ලංකාවේ බිත්තර මිල ඉහළ ගිහින් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැතිව බිත්තරේ රුපියල් 20-25ට දෙන්න පුළුවන්...
බිත්තර හිඟය අඩුවෙයි. ලෙඩරෝග වැඩි වෙයි. බෙහෙත් හිඟ නිසා හොයාගන්න බැරි ලෙඩ වැඩිවෙයි. මරණ සංඛාවත් වැඩිවෙයි...
දියර බිත්තර මිශ්‍රණය, ඉන්දියානු බිත්තර, බිත්තර පවුඩර්... ඇයි මේ සියල්ල ආනයනය කරන මානසිකත්වය... ටිකක් නිශ්පාදනය වැඩි කරන්න උදව්ව කරන්න බැරිද?