
(යොහාන් භාසුර)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඖෂධ ගෙවීමේ ප්‍රසංපාදන ක්‍රමවේදයේ අක්‍රමිකතාවක් වී ඇද්දැයි පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්‍ෂණය ඉල්ලා තිබේ. මෙරට තුළ නිෂ්පාදනය කළ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය වෙන රටවල්වලින් ගෙන්වූ ඖෂධ මෙම ඖෂධ 300 අතර වන බව ද වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.