
(මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන කරමින් සිටින අතරතුර ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී මෙලෙස රෝහල් ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.

COMMENTS
කොහොමටත් ඉන්දියානු ණය වලින් ඉන්දියාවෙන් ඇරෙන්න වෙන රටකින් ගෙන්වන්න දෙන්නේ නැහැනේ ?ඉතින් කොතනින් ගෙනාවත් බාල බෙහෙත් තමයි ගේන්න වෙන්නේ
කාලකන්ණි උගත් සුනඛ පොතකයන් එල්ලුම් ගස් යවන්න ඕනී
දැන් වැඩිදුර ප්‍රතිකාර ගන්න රට ගිහින් අතුරුදන් වෙයි
පව් .දෙන්න උත්තර නැතිව ඇති .අද රටට අත් වී තිබෙන සෝචනීය තත්වයයි මේ
නම වගේම මුහුණත් "ගුප්ත" යි.
කුම්බලා මාළු කෑවානම් දුක් විඳින්න වෙයි කිරිපුතේ. රාජ්‍ය නිලධාරියෙකුට යන්න පුළුවන් ඉහළම තනතුරට ගිහින් අන්තිමට කළු පැල්ලමක් එක්කරගත්තා නේද?
මාධ්‍ය මගින් පළකරන සැමදේම ඇත්ත නොවේ...
අනේ රෝහල් ගත වුණාට මැරෙන්න නම් එපා. කරපු බිහිසුණු අපරාධවලට එතකොට එල්ලුම් ගස් යවන්නේ කාවද?
ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කරන කොට අන්තිමට පහළින් වතුර බැහැලා යන බව ඔය කොයි කවුරුත් දැනගන්න එක හොඳයි.
රාජ්‍ය සේවයේ අවංක කාර්‍යයක්ශම නිලදාරියෙක් තමයි මේ සර්. තනතුරේ ඉන්න නිසා කට උත්තරයක් දෙන්නම උවමනායි නෙ. ද්
වැරැදි කාරයෝ වුණොත් ඒ අයගේ දේපල රාජ්‍ය පවරා ගන්නේ නැද්ද?