IMG-LOGO

බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1100ක් ණයයි

(සුජිත් හේවාජුලිගේ )

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1100 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ හිඟ බිල්පත් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති බවයි.

එම මුදල් අදියරෙන් අදියර මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟවූ බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව තවත් කෝටි 300 ක් වෙනත් ආනයනකරුවන්ට ගෙවීමට ඇති බවද රත්නායක මහතා පැවසුවේය.

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධ 161 ක පමණ හිඟයක් පවතින බවත් එම ඖෂධ දැනටමත් ඇණවුම් කර ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ ඉදිරි සති කිහිපයේදී ලැබීමට නියමිතය.

 



අදහස් (0)

බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1100ක් ණයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site