
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පුතුපිටිය)
මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සහකාර සුපවේදියෙකු ලෙස රැකියාව කරන මීපේ ආරච්චිගේ තෙව්නිජදිල්මෙත් නමැති තරුණයෙකි.
කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සුප වේදියෙකු වශයෙන් සේවය ලබාදී රෑ බෝ වූ බැවින් නිවසට නොගොස් ප්‍රධාන සුපවේදියාගේ මොරත්තුඩුව ගෝනදූව නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.