
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඒස් හේරත්)
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවන් තිදෙනකු සහ යතුරු පැදි කීපයක් යටකරගෙන ගොස්තු ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් කුඩා දැරික ඇතුළු කාන්තාවන් තිදෙනකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත. කුඩා දැරිය පාසල් අවසන් වී මව සමග නිවෙස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූූ වයෝවෘධ කාන්තාවගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අනතුරින් පසු කුපිත වූ පිරිසක් පෞද්ගලික මගී බස් රථයට පහර දී අලාභානි සිදු කර ඇති අතර රියදුරා එයින් බියට පත් වී පලා ගොස් ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd