IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.

මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් එම පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.   



අදහස් (5)

බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි

Appuhami Friday, 08 July 2022 08:30 PM

ගෝඨාභය කියන්නේ නායකයෙක් නෙවෙයි... බියගුල්ලෙක්...!

:       0       0

පොලු-සීයා Friday, 08 July 2022 09:32 PM

හිරේ ඉන්න උන්දැලාත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන එකේ හිරුණිකා ඔය නීතිය සොච්චමකටවත් ගනන් නොගනී...! මෙදාපාර පොලිස් ඇඳුමක්ම ඇඳගෙන බාධක අයින් කරගෙනම යන්න ඕනෑ තැන යයි..! මොනවද ඔට්ටු...?

:       0       0

නිස්සන්ක Friday, 08 July 2022 09:45 PM

බියගුලු, නිවට තීරණයක්...

:       0       0

Rohana Friday, 08 July 2022 11:10 PM

නීතියේ පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නැතිබව නීතිඥවරු කියති. ඇරත් මාධ්‍ය නිවේදනයකින් ඇඳිරි නීතිය පැනවිය නොහැකිලු...!

:       0       0

Bamunuarachchi Saturday, 09 July 2022 07:40 AM

පොලිස් නීතිය නොවෙයි, පාරට බැස්සොත් වෙඩි තියන යුද්ධ නීතිය පනවන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site