
ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජනාධිපති සමාව දීම, බල රහිත කිරිමට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන්, එම පිරිසට ‘ජනාධිපති සමාව’ ලබා දුන්නේ හොඳ සිහි කල්පනාවෙන් නොවන බවය. ජනාධිපති ට්‍රම්ප් මේ බව පැහැදිලි කර ඇත්තේ, ඔහුගේ ‘ටෲත් සෝෂල්’ නමැති ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
බොහෝ ඇමෙරිකන් ජනාධිපතිවරුන් සේම, ජෝ බයිඩන් ද, ස්වංක්‍රීය පෑනක් භාවිතයට ගනිමින් විධායක නියෝගවලට අත්සන් තැබීම සිදු කර ඇත. එසේ ස්වයංක්‍රීය පෑනකින් අත්සන යෙදීම ජනාධිපතිවරයාගේ දැනුවත්කමින් තොරව වුව ද කළ හැකිය.
ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ, බයිඩන් ධුරයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී, සමාව දුන් අය කවුරුන්දැයි කියා හෝ හරිහැටි නොදන්නා බවය. සමාව දුන් පිරිස අතර, දේශපාලන මැරයන් පවා සිටින බවට ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා නගා ඇත.
බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන් නීතීඥවරයකු වන අතර, ඔහු අපරාධ චෝදනා එල්ල වී ඒවාට වරදකරුවකු වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, නිතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. හන්ටර් බයිඩන්ට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී, බයිඩන් මැදිහත් වී පුතුට සමාව දුන්නේය.
බයිඩන් සිහි කල්පනාවෙන් තොරව, පුතු හන්ටර් බයිඩන් සහ සෙසු පිරිසට සමාව දුන් බව ඔප්පු කිරීමට ට්‍රම්ප් සහ ඔහුගේ නීතීඥයන් සමත් වුහොත්, බයිඩන් විසින් අවසන් මොහොතේ කරනු ලැබූ ‘ජනාධිපති සමාව දීම්’ සියල්ල අහෝසි වනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි