(එම්. කේ. නන්දසේන සහ අමල් සම්පත් ශ්‍රී)
ලුණුගම්වෙහෙර, පඩිකැපූ හෙල සහ සීනුක්කුව පිළිමහෙල, තම්මැන්නාව ගම්මානයන්හි ගම්වැසියන්ට බීමට ජලය ලබාදෙනලෙස ඉල්ලමින් ලුණුගම්වෙහෙර ජල සම්පාදන මණ්ඩලය අභියසට පැමිණ උද්ගෝෂණයක නිරතවූහ.
" දියව් දියව් වතුර දියව්, බොන්න අපට වතුර දියව්, ඡන්දෙ ගන්න ගමට වරෙව්, කොස්ස අපේ අතේ තියෙයි, ජනපති තුමණි, මෙි අහන්න, දරු පවුල් 100 පිපාසයෙන් " යනාදී පෝස්ටර්,බැනර් ඔසවා මෙම පිරිස සාමකාමී අයුරින් උද්ගෝෂණය පවත්වා අවසන් කළහ.
මෙම ගැටළුවට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජලසම්පාදන කාර්යාලය වෙත පිවිසීමට උත්සාහ කළද ආරක්ෂක නිළධාරීන් අවස්ථාව ලබා දුන්නේ නැත.
ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ සීනුක්කුව, පඩිකැපූ හෙල, පිළිමහෙල, තම්මැන්නාව යන ප්‍රදේශයන්හි දරු පවුල් සියයකට අධික පිරිසකට පාණීය ජලය නොමැති බවත්, ලුණුගම්වෙහෙර ජලසම්පාදන මණ්ඩලයෙන් පාණීය ජලය ලබාදෙන ලෙස අවස්ථා ගණනාවක් ඉල්ලා සිටියත් වසර 10 ක් ඉක්මවා ඇතැත් කිසිදු ප්‍රථිචාරයක් නොමැති බවත් මෙම පිරිස පකාශ කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බොන්න වතුර ඉල්ලා ගැමියෝ මහ පාරට බසිති
Mh Mohan Thursday, 14 September 2023 06:26 PM
ඔය කොස්ස ඡන්දෙ කාලෙට විසිකරන්න.
ලුම්බිණි Thursday, 14 September 2023 10:12 PM
වෙඩි කන්නයි වෙන්නේ වතුර ඉල්ලලා. ආ ඒ ජනාධිපතිතුමා දැං නෑ නොවේද? හැබැයි බලාගෙන හොඳේ....