‘බොදු ජන පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මෙම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස නාගයෙකුගේ රුව තෝරාගෙන තිඛෙන බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක ආචාර්ය දිලන්ත විතානගේ පැවසීය.
බොදු ජන පෙරමුණ පක්ෂයෙන් ගිහියන් පමණක් මැතිවරණය සදහා ඉදිරිපත් කරන අතර පැවිදි නායකයින් පක්ෂයේ උපදේශකයින් ලෙස කටයුතු කරන බව ද විතානගේ මහතා සදහන් කළේය.
එමෙන්ම කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනි පක්ෂයක් ලෙස තරග කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපත් නයා තමයි හොදම ලකුණ (බ)
අනුන්ගේ නලාවට නටපු එකනේ කළේ පහුගිය කාලේ ... නියම ලකුණ (බ)
මෙදා පාරත් මහින්දව පරද්දන්න තමයි මේගොල්ලන්ගේ වැඩ මහින්දත් නිකන් හිටපු හින්ද නේ ඔය උඩපැන්නේ (බ)
ප්‍රශ්නෙ මේකයි. මැතිවරණයක් ගැසට් කරඇති නිසා දැන් පක්ෂ ලියාපදිංචි කරන්නෙ නෑ. බොදුබලේට මේපාර ඉල්ලන්න බෑ (බ)
මේ අයට ගැලපෙන්නේ නයා නෙමෙයි ගැරඬියයි (බ)
මට විතරක් නොවෙයි හූග දෙනෙකුට සර්පයෝ පිළිකුල් ,කරුණාකර නයා ලකුණ වෙනස් කරන්න (ම)
නයා හොඳට ගැලපෙනවා (බ)
දේශපාලන වේදිකාවල ජාතිවාදී ප්‍රකාශ කර ජාතින් අතර ගැටුම් ඇතිකරන්න එපා. ජාතික මට්ටමේ දේශපාලනයක් තුල සිංහල මුස්ලිම් හා දෙමල ජනකොට්ටශ අසමගි නොකරන්න.(හේ)
කරුණාකරලා ''බොදු'' වචනය කපන්න.මෙය මැතිවරණ කොමසාරිස්ට බොදු ජනතාව ලිවිය යුතුය.නාග පෙරමුණ '' කියා දාගන්න.ඔයාලට ඕනේ දෙශාලනයක් කර ගන්න.කාටවත් අපහාස නොකර දේශපාලනය කර ගන්න. (බ)
අපි බොදු බලේට, නයට ඔය මොකත් එකයි. අැයි මේ බොදු බලේට ඔච්චර බය. අපි ඡන්දෙ දිනලා අහවලාට සහයෝගය දෙනවා අගමැති වෙන්ඩ. මගේ පැතුම එ්කයි. (බ)
මහින්ද මහතා මැතිවරණයට ඉදිරිපත් නොවුනොත් නම් බොදුජන පෙරමුණට එක ආසනයක් හරි ලැබෙයි.. මොකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බහුතරයක් මෛත්‍රී , චන්ද්‍රිකා දෙන්නට කැමති නෑ.. පාක්ෂිකයින් කලකිරීමෙන් ඉන්නෙ.. බොදුබලේ ඒකෙ වාසිය ගන්නවා.. මහින්ද අවොත් බොදුබලේට මෙදා පාර අබ සරණයි..(බ)
මෙයාල කරන්නේ "සාතන්" ගේ වැඩ නිසා සාතන්ගේ නයා ලකුණ මෙයාලට හරියටම හරි. (බ)
මේ නයා දෂ්ට කරනවා බලාගෙන. තව මෙයාල ගොදුරු කරගෙන තියෙන්නේ බුද්ධාගම..(බ)
ඒගොල්ලන්ගේ චිවරය දමාගෙන කරන වැඩ වලින් ලංකාව අපකීර්තියට පත්වෙනවා. (බ)
එහෙනම් අබ සරණයි. (බ)
දෙපත් නයා වුනා නම් වඩාත් ගැලපෙනවා.(බ)
මොන නයෙක්ද ...? ....කොටි වලිගය අරගත්තනම් ...මීට වඩා ...ගැලපෙනවානේ (ම)
කසුන්, පක්ෂ ලැයිස්තුව අරගෙන හොඳින් බලන්න ඔබට වැරදුනේ කොතනද කියලා. (ර)
''බොදු'' වචනය කපන්න කියන කට්ටිය ඇයි මුස්ලිම් කියන වචනය කපන්න කියන්නේ නැත්තේ දේශපාලන පක්ෂ වලට (බ)
අපිට ලකුණ වැඩක් නෑ අපි බොදු බලෙත් එක්ක (බ)
බලය ලැබුණාම බෞද්ධයින්ටම පෙනය පුප්පයිද දන්නෑ (බ)
මොවුන්ට ගැලපෙන්නේ නයා නෙමෙයි පිඹුරා (බ)
මෙතන බොදු කියන වචනය කපන්න කියන්නේ කශේරුකාව නැතිවෙච්ච සිංහලයෝ. (බ)
අපේ සිංහලයා හෝ බෞද්ධයා හලාල් වලින් හරි ඩයස්පොරාවෙන් හරි මොනවා හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් තමන්ගේ අය පාවා දීමට වුණත් කැමති අය අප අතර ඕනෑ තරම් අප සිංහලයන් අතර සිටිනවා. අද දින සියලු සිංහලයන්ගේ පුනර්ජීවනයට හේතුපාදක වුණ අනගාරික ධර්මපාල තුමන්ටත් එකල විරුද්ධවාදීන් සිටියා නම් ගලබොඩ හිමියන් ගැන කුමන කතාද? (ම)
ආ මෝඩ සිල්වෝ, "බොදු" කියන ඒ පුජනිය වචනෙයි, මුස්ලිම් කියන වචනෙයි සසඳන්න පුලුවන්ද? කහ පාට චිත්තේ ඇඳගෙන නිරුවත් දේශපාලනයේ යෙදෙන්නන්ට හොඳම ඡන්ද ලකුණ තමයි, "අමුඩය" එ්කෙන් අඩුතරමේ මේ "රෑ දනියෙල් දවල් මිගෙල්ලාගේ" නිරුවත වත් වැහෙයි. (බ)
මේ පක්ෂේ බොදු කියන වචනෙට උඩ පැනගෙන කෑගහන අය පොඩ්ඩක් මුස්ලිම් කොන්ග්‍රසයට කියන්නකෝ ඒවත් වෙනස් කර ගන්න කියල හොදට මතක තියාගන්න සිංහල අපිට අපි විතරමයි කියල (බ)
ඡන්දයට එන එක හොදයි. තමන් ඉන්නේ කොතනද කියල දැනගන්න (බ)
නයා ලකුණ මොවුන්ට සුදුසුයි (ම)
මේ බයහිතෙන නාග රාජයාගේ ඡායාරූපය නම් හොඳට ගැළපෙනවා (නි)
ඒත් මේ අයට සුදුසු ලකුණ ගැරඬියා (බ)
ඡන්ද ලකුණ නියමෙට ගැලපෙනවා (බ)
බොදු(බෞද්ධ) කිවම අපිත් ඒ ගොඩට අයිති වෙනවා ඒ නිසා නම වෙනස් කරනවානම් හොදයි. (බ)
කව්රු මොනවා කීවත්, සිංහල ජාතියේ, බෞද්ධාගමේ පුනරුදයක් ඇති කරපු මහා සංඝ පීතෘවරයාණෝ ගලබොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් වහන්සේයි. කොහොමටත් සිංහලයාගේ කැත පුරුද්ද තමයි තමන්ට වාසි ලැබෙනවානම් තමන්ගේ ජාතිය ආගම වුණත් පාවාදීම. (අ)
නියමෙට ගැලපෙනවා (බ)
නයි පෙනේ "ප" වෙනුවට සාටකයද තියෙන්නේ ? (බ)
ඔව් කවුරුවත් නයාට ගහල වැඩ වරද්ද ගන්න එපා. (බ)
මේ අයට ගැලපෙන්නේ නයා නෙමෙයි ගැරඬිය ලකුණ. (බ)
මේ අවස්ථාවේ නම් සිංහල ඡන්ද කඩන්න එන්න එපා. (බ)
බොදු කියන නම ඉවත් කරන්න, බෞද්ධ ජනතාවත් අපහසුතාවයට පත්වෙනවා දේශපාලනය කරන්න ගියාම ආගම පටලවගෙන , වෙනම තරග කළොත් එකදු ආසනයක් වත් දිනා ගන්න බැහැ, සවුත්තු වෙන්නේ අායිත් බෞද්ධ අපියි, (බ)
මේ පක්ෂෙට ගැලපෙන්නේ නයා නොවෙයි, ගැරඬියා, මෙයාල බුද්ධාගමටත් නයා පෙන්නපු අයනේ ,වැඩ ගැරඩින්ගේ වගේනේ (බ)
නයාගෙන් පිළිබිඹු කෙරෙන්නේ විසඝෝර , දරුණු, කියන එක නේද ? ඉතින් ඒ අනුව බැලුවහම බොදුබලේ පහුගිය දවස්වල හැසුරුන හැටිත් බලනකොට නයා ලකුණ හොඳට ගැලපෙනවා (බ)
ලකුණ වෙනස් කළොත් හොඳයි වගේ ........ පක්ෂය අාරම්භ කරපු එක හොඳයි , වෙන විකල්ප නැති නිසා ... යු එන් පි .. ශ්‍රී ලංකා , මේවා අවුරුදු 50 ක් විතර රට කළානේ (බ)
විරාජ් එතකොට දෙමල ජාතික සන්ධානය? දෙමල ජනතාව අපහසු කරනවද? (බ)
ලකුණන්ම වැඩේ නාගෙන. ඉස්සර හට කියයි මේ ඉන්නේ මුචලින්ද නාග රාජයා කියලත් (ම)
දැන්මම බොදු බලේට බය වෙලා වගේ කට්ටියම. "බොදු බලයට" ජය වේවා ! (ම)
නයා නෙවේ අබ ඇටයක් ලකුණ කර ගත්තා නම් හරි , මොකද මේ ගොල්ලට අබ ඇටයක් තරම් වත් මොලයක් නැනේ . එ්කනේ හැම වෙලාවේම කියන්නේ අබ සරණයි කියල (බ)
නයා කියන්නේ බොහොම සාමකාමී සතෙක්. හැබයි කරදර කරලා අැවිස්සුවොත් ඊට වඩා දරුණු තවත් සතෙක් නැහැ. හැමෝම එක එක අර්ථ කතන දෙන්නේ නැතිව එ්ක තේරුම් ගත්තොත් හොඳයි නේද? (බ)
මේගොල්ලන් ඇවිත් තියෙන්නේ ශාසනේ විනාස කරන්න විතරයි. විල්පත්තුව එහෙන් හම්බයෝ ආක්‍රමණය කරලා, හලාල් නැවැත්තුවේ නැහැ.(බ)
බෞද්ධ සදාචාර සහ දේශපාලන දර්ශනය පිලිබඳ මුලාශ්‍රිත දේශනා ගැන තේරුම් ගන්න "බොදු බලේ" පින්වතුන්ට ප්‍රඥාව පෑදේවා! ජාතික සමගිය සහිතව රට මෙහෙයවන දේශපාලනයට, පන්සල ඓතිහාසිකව දුන් නායකත්වය සහ එය "ඓතිහාසිකව ආරකක්ෂා කර තබාගත් පිළිගැනීම" විනාශ වෙන උපක්‍රම භාවිතා නොකිරීමට ඥාන දර්ශනය පහළවේවා! (බ)
ඉදිරි මහ මැතිවරණය ගැන පහත සමීක්ෂණය බලන්න https://www.surveymonkey.com/r/MHSHNDJ (බ)
මේගොල්ලෝ එදා ඉඳලාම ' නයා ඇරීම ' තමයි කළේ. හිටපු ආරක්ෂක ලේකම් තමයි මේ පක්ෂයේ නිර්මාපකයා .තනිවම ඡන්දයට ඇවිල්ලා බලන්න ඔයගොල්ලන්ගේ පවර් එක.(බ)
මෙයාල මේ සිංහල ඡන්ද කඩන්න හදන්නේ අහුවෙන්න එපා මෙව්වට (බ)
වයස 13 සිට සිංහල බෞද්ධ අයිතිය ගැන සිතා ,රැකියාවට ගිය දා සිට සිංහල අයිතියට,බෞද්ධ අයිතියට මුල් තැන දී කටයුතු කර, සිංහල ජාතිවාදී ලේබලය ගසාගෙන, විත්තිකරුවෙකුව කුඩුවට පවා නැග අවසානයේ රැකියාවද නැතිකර ගත්.මේ සිංහල රටයි ප්‍රසිද්දියේ කියන්න බැරි කිසිම දේශපාලන නායකයෙකුට හෝ සංවිධාන නායකයෙකුට ගැතිකම් දක්වන්නේත් නැති කෙනෙක් මම . නමුත් මේ අවස්ථාවේ දේශපාලනයට පැමිණීම දැනට සුළුවෙන් හෝ ,බලයට අැති කෑදරකම නිසා හා සිංහලය මතක්වී ඇති ඇති අයට ලැබෙන ඡන්ද එකකින් හෝ අඩු කිරීමක්. මේක සිංහල රට කියල කියල තියෙන්නේ කොහෙද කියා ප්‍රසිද්ධියේ අසන, දෙමල ඩයස් පෝරා සැණකෙළි මෙහි පැවැත්වීමට අදහස් කරන අයට ,ඒවා පැවැත්වීමට අවස්ථාව සලසා දීමක්. ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට අවස්ථාව ලබා දීමක්.දැන් කළ යුත්තේ සිංහලය බෙදන දේශපාලන පක්ෂ වැඩි කිරීම නොව සිංහල නමින් පෙනී සිටින දේසපාලකයන් නැටවිය හැකි ප්‍රබල සිංහල සංවිධානයක් ,බොදු බල සේනා සහ සිංහල රාවය එකතුවී ගොඩ නැගීම. (බ)
බොදු බල සේනාව එනවට අපි කැමති නමුත් මහින්දට අපහාස නොකළ යුතුයි. මහින්ද ගෝඨාබය මේ තුනම එකට හිටියොත් අපේ රටට අත තියන්න කාටවත් බැහැ (බ)