IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අසීරු අවස්ථාවේ රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහාසංඝරත්නය හමුවේ පැවසීය.

ආගම් අතර ජාතින් අතර එකමුතුභාවය සංහිඳියාව විශාල ශක්තිය බවට පත් කර බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.

සමගි ජන බලවේගයේ ජාතික සඟ සමුළුව කොළඹදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේය.

සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රට සෞභාග්‍යය සම්පන්න දැහැමි ජන ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවත් තම පාලන කාළයේදි ඒ වෙනුවෙන් කැපවන බවත් විපක්ෂනායකවරයා පැවසිය. අද රටේ ඇත්තේ දහම් පාසල් තරගවලටත් අනුගහය ලබා දිය නොහැකි රාජ්‍ය පාලනයක් බවත් එය කණගාටුවට කරුණක් බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මහා සංඝරත්නය ඉටු කරන ආගමික සාසනික සේවාව ශක්තිමත් කළ යුතු බවත් ආගම් අතර ජාතින් අතර එකමුතුභාවය සංහිඳියාව විශාල ශක්තිය බවට පත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය ගම් නියම්ගම් නගර කේන්ද්‍ර කර ගෙන අප රටට සාමය සමෘද්ධිය සෞභාග්‍යය හා සංවර්ධන උදෙසා ශිෂ්ටසම්පන් ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

රාජ්‍ය පාලනය ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන කඩාවැටී ජනජීවිත කඩා වැටි ජීවනෝපාය බිදවැටි අද රට බහුවිධ අභියෝගවලට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කළේය.

ඉතිහාසය පුරා රටට අභියෝග එල්ල වන විට අවවාද අනුශාසනා ලබාදුන්නේ මහා සංඝරත්නය බවත් ඒ නිසා මේ අවස්ථාවේ මහා සංඝරත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මානුෂීය ගුණාංග ක්ෂය වෙන සමාජයේ ආගමික නායකත්වයන් තුළ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩ නැගිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

කඩාවැටුණු ගරා වැටුණු දේශය දහම් අධ්‍යාපනය කේන්ද්‍රීයව සුචරිතවත් ජන සමාජයකට මුල පිරිය යුතු බවත් දහම් පාසල් දරුවන්ට තරුණයන් ට සුහුරු අධ්‍යාපනය ලබා දෙන ස්ථන බවට ආගමික ස්ථාන පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම පන්සල් තුළ රටට යහපත් සිදුවන දේවල් අඩපණ වී ආගමික සිද්ධස්ථාන වැසී යන නිසා ඒවා රැකගත යුතු බවත් කැපකරු මාපිය ක්‍රම, සූර්ය බලශක්ති ලබා දීම, සුහුරු අධ්‍යාපනය ලබා දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (6)

‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘

සෙනෙවිරත්න Thursday, 12 September 2024 01:33 PM

ඒකට අවංක කැපවීමක් තියෙනව නම් ඔය ලිට්රො එකෙන් පඩගත්ත උන්නාන්සෙත් පොලිස් කාන්තාවකට අයුතු යෝජනාවක් කරපු උන්නාන්සෙත් ලවා විරුද්ධ මත දරන අයට බොරුු අවලාද කරන්න එපා කියන්න. එයාල හිතන ඒව අනුන්ගෙ අදහස් විදියට ප්‍රසිද්ධියේ කියන එක බුදුු දහමට එකඟ නැහැ

:       13       24

යෝගා Thursday, 12 September 2024 01:39 PM

කතාව දෝලාවෙන් ගමන පයින් තමා වෙන්නේ. ආර්යාව නම් දෝලාවෙන් යයි

:       8       40

අරවින්ද මොනරවිල Thursday, 12 September 2024 02:18 PM

ඒකට ලබන සැරේ වත් උත්සාහ කරලා බලන්න !

:       9       34

ගමේ එකාලා Thursday, 12 September 2024 03:12 PM

කැසිනෝ කාරයන්ගේ පිහිටෙන් කටයුතු කරන තමුන් කියන කතා කවුද විස්වාස කරන්නේ?

:       5       29

Rata Perata Thursday, 12 September 2024 03:32 PM

ආර්යාව දැන්මම වැඩ පටන් අරගෙන වගේ. අර බලෙන් අල්ලගෙන ඉන්න ගොඩනැගිල්ල දෙන්නේ නැද්ද?

:       4       23

ddd Friday, 13 September 2024 12:35 PM

ජනාධිපති වෙන්න තියා, විපක්ෂ නායක කමටවත් සුදුසු නැත. අවුරුදු කීයක් නම් විපක්ෂ නායක වෙලා හිටියද? මෙලෝ රහක් තිබුණද මෙයා තනිකර ජෝකර් කෙනෙක් ... කටින් බතල හිටවනවා. කියන්න ඔක්කොම දන්නවා කියලා... ඒත් දන්න කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ විපක්ෂ නායකකමවත් මෙයාට ලැබෙන්න එපා.

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 904 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site