IMG-LOGO

බඩල්ගම මලීෂගේ මරණයට හේතුව කොරෝනා

විමුක්ති එස් රුද්‍රිගු

කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

සෙම් රෝගයක් වැළඳුණු මෙම දරුවාගේ මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිිසක් හා එක්ව නිසි ප්‍රතිකාර නොකොට ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සදහා යාඥා කිරීම් පමණක් කිරීම නිසා දරුවා මියගොස් ඇත.

මියගිය පසුවත් යාඥා කර ඇති අතර මිය යන විට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය විසින් තහවුරු කර ගන්නා ලදි .

එම දරුවාගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් රෝගය වැළඳී තිබී ඇතැයි තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ අද අනාවරණය කරන ලදි.

මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් පියා සහ මිත්තනිය ශරීර ඇප මත මුදා හැරි අතර මව 18 තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.

 



අදහස් (2)

බඩල්ගම මලීෂගේ මරණයට හේතුව කොරෝනා

anura Sunday, 13 February 2022 01:26 PM

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේ නම් මෙම දරුවා අදත් ජීවත්ව සිටිනවා විය හැකිය. දරුවන්ට වෙන මෙවැනි ආකාරයේ මරණීය හිරිහැර දිගින් දිගටම අසන්නට ලැබීම කණගාටුවට හා කළකිරීමට පත්වෙන දෙයකි. පසු ගිය කාලයේ මැරෙන තුරු දැරිවියකට වේවැලෙන් පහර දී ඇය මරා දැමූ සිද්ධියක් අපි දැක්කෙමු. මෙම සිද්ධිවලට මුල් වූ පුද්ගලයින් අපරාධ චේතනාවකින් මේවා නොකළත් අවසානයේදී වන්නේ ඉතා විශාල අපරාධයකි. දියුණු මොළයක් තියෙනවා යයි කියන මිනිසුන්ට සමහර අවස්ථාවලදී හරි වැරද්ද නොතේරුණාට තිරිසන් සත්තුවත් තමා යටතේ සිටින පැටවුන්ට මේ ආකාරයට නොසලකයි. මේ සිද්ධි වලට මුල වැරදි මතවාද වලින් මනස අන්ධ වීමයි...

:       0       27

Bamunuarachchi Sunday, 13 February 2022 04:45 PM

වැලයන පැත්තට මැස්ස ගහනවා මිසක් මතවාද වෙනස් කරන්න, කතා කරන්න යන්නේ කව්ද? මිනිස්සු තමුන් දරන මතයෙන් වෙනස් වෙන්න සූදානම්ද? දේවියන් අදහන්න, වඳින්න ගිය මිනිසුන් බේරා ගන්න දෙවියන්ට බැරි වුණා. ඒත් තුවාල ලබා අසරණ වෙච්චි මිනිසුන්ට දෙවි පිහිටයි, ජේසුපිහිටයි කියනවා. බයිබලයේ කියන හැටියට ඒ කාලේ මෙහෙම ආපදාවක් වුණාම දෙවියන් මිනිසුන්ට කතා කරනවා. දෙවියන් ඒබ්‍රහම්ට කතා කර උපදෙස් දෙනවා කෝ අද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site