
(අංජුල මහික වීරරත්න)
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ හැම පිටුවක්ම කියවන්නැයි සියලු රටවැසියන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයින්ගේ නාමයෝජනා පත් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අබේවර්ධන මහතා මේ බව කීය.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක් හැරුණු කොට සෙසු සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා පත්‍ර බාර දී තිබෙන බව කී අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරනොදුන් ස්ථාන කිහිපය සඳහා ස්වාධීන කණ්ඩායම් වශයෙන් තරඟ කරන්නට නාමයෝජනා බාරදී තිබෙන්නේ යැයි සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහාම අලියා ලකුණ යටතේ තරඟ කිරීමට නාමයෝජනා බාරදුන් බවද අබේවර්ධන මහතා කීය.
COMMENTS
ඔයා එන්නකෝ, අපි කියවලා ලෑස්තිවෙලා ඉන්නම්..!
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරලා, රටම අවුස්සලා, අන්තිමට එය නොපැවැත්වූ පින් ජනපතියාගේ කෙරුවාවල් ගැන කවර කතාද? මේ වෙනකොට කරුණු කාරනා සාක්ෂි ඇතුව ඔප්පු වෙලා තියෙන්නේ...
අපිට වින්සන්ට් ප්‍රනාන්දුගේ රහස් සාක්කියේ පිටු ටික තියනවා නම් එවන්න ..!
මාලිමා ජරාවුන් මේ සැරේ පරණ ආණ්ඩු කළා වගේම ජරා විදිහට පාගා දීලා ඡන්දය කරන්න ලෑස්ති වෙනවා. කෝටි 400ක් මිනිස්සුන්ට නිකම් බෙදන්න හදනවා. විජේවීර මිනීමරුවා සහ එයාගේ පාටි එක රටට කළ දේ අපට අමුතුවෙන් කියාදෙන්න ඕනෙත් නැහැ. අපි ඒවා ඇහින් දැකලා තියෙනවා...
කරුනාකරලා. කියන්න ඒ විස්තර අපි ලබා ගන්නෙ කොහෙන්ද. මහ බැන්කු හොරකමේ ඇත්ත විස්තරයයි. වයිට් හවුස් එකේඉදන් කජු කාපු. ඒ විස්තරත් ලබා දෙනවානම් හොදයි මැතිවරනයට කලින්. අලියාගෙ ලකුනෙන් එන්නෙ නැතිව. කදුලු ගෑස් වලින් එන්න. ඒ ලකුන තමයි හරියන්නෙ.
බටලන්ද ෂෝ එක ඉස්සරහට දාලා පිටිපස්සෙන් හෝ ගාලා බඩු මිල වැඩි කරනවා, බදු ගහනවා.
කොරෝනා කාලේ තමන් දාගෙන හිටපු මුකවාඩම ගලවලා වෙනත් කෙනෙකුට පලන්දාපු උත්තමයා නේද මේ