IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බටලන්ද වාර්තාවෙන් කාගෙවත් ප්‍රජා අයිතිය නැති කරන්න බෑ

 (සුජිත් හේවාජුලිගේ)

බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට කිසිදු බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය.

1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ කළ හැකි බව පැවසූ මහානාමහේවා මහතා ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද සඳහන් කළේය.

 



අදහස් (6)

බටලන්ද වාර්තාවෙන් කාගෙවත් ප්‍රජා අයිතිය නැති කරන්න බෑ

යෝගා Sunday, 16 March 2025 10:54 PM

රිලව් සංගණන නාටකය ඉවර වුණා විතරයි දැන් මේක.. තව සති දෙක තුනක් යනකම් බටලන්ද නාටකය. ප්‍රතිඵලයක් නෑ. පුස්ස බින්දා වගේ. බලය ලැබිලා මාස හයයි. කරපු එක සාර්ථක දෙයක් නෑ. ආණ්ඩුව එකෙන්ම ෆේල්.

:       2       38

පිටිගල මිලානෝ Monday, 17 March 2025 01:44 AM

අධිකරණය හරහා දඩුවම් දීමට පුළුවන්. මේවා සමූහ ඝාතන….

:       26       7

Deepal Nirosh Monday, 17 March 2025 05:30 AM

පොරොන්දු ප්‍රකාරව පුස්කාපු වාර්තාව පාර්ලිමේන්තු විවාදයට ගන්නවා. විවාද කරනවා. අන්තිමට වාර්තාව කල් ඉකුත් වෙලා නිසා මේ වාර්තාවට අනුව යාවත්කාලීන සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියල පාර්ලිමේන්තුවෙන් තින්දු කරනවා. දැනට නාටකය තිර රචනය කරල තියෙන්නෙ එහෙමලු. කාටවත් බිය වෙන්න දෙයන් නැහැ.

:       6       19

බකල ජයා Monday, 17 March 2025 08:07 AM

මෙච්චර කල් නිදාගෙන හිටපු ඔක්කොම පණ්ඩිත විශාරදයෝ දැන් තමයි එළි බහින්නෙ. නන්දන වීරරත්න සහ තව දෙතුන් දෙනෙක් ඇරෙන්න මුළු රටක්ම මේක කොට්ටේ යට තියං හිටියේ රනිල්ගේ 3 ශ්‍රී ෆෙරාරිය, ගූගල් මැප් වරද්දගෙන අල් ජසීරා තාප්පෙ හැප්පෙනකං.

:       10       21

වෑල්ඩින් ආචාර්ය Monday, 17 March 2025 08:40 AM

හරි බං. ඒක අපි දන්නවනෙ. පොඩ්ඩක් ජෙබයියො චූන් කරල ගන්නෙ මේ ඡන්දේ ගොඩ දාගන්න. උඹලත් එක්ක බෑනේ ඉතින්.

:       16       23

ගමිනී Monday, 17 March 2025 02:13 PM

ඕවා කියන්න ගිහින් ඔබතුමාගේ ප්‍රජා අයිතිය නැතිවෙයි ඔන්න.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 140 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 987 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site