IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෑග් හැඬලයෙන් ලක්ෂ හැට හයක් පනී

වත්තල   පදිංචි  යකඩ බඩු ව්‍යාපාරිකයෙකු ගෙන ආ  බෑගයක  හැඩලය ඇතුලේ තිබී රුපියල් හැට හය ලක්ෂ තිස් අටදාස් දෙසිය විසි දෙකක් වටිනා රට සල්ලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එළියට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සෞදි රියාල් එක් ලක්ෂ අසූදහසක්, කුවෙට් ඩිනාර් පන්සිය හතලිහක් සහ ජැපනීස් යෙන් තිස් එක්දහසක්  මේ අතර වෙයි.

මෙම ව්‍යාපාරිකයා සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතාට ඇති වූ සැකයක් මත මොහු  අත් අඩංගුවට ගෙන ඇත.

මොහු  මසකට හතර පස් වතාවක් සිංගප්පුරුවට යන එන බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරි ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙයෙවිමෙන්  රේගු අධිකාරී යූ.එස් වික්‍රමසිංහ, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, පියුමාල් ජයවීර, සිසිර පෙරේරා සහ නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.



 



අදහස් (0)

බෑග් හැඬලයෙන් ලක්ෂ හැට හයක් පනී

සත්‍යයා Thursday, 30 January 2014 07:32 PM

වසරේ හොඳම ව්‍යාපාරිකයාට ලැබිය යුතු රන් පදක්කම මොහුට ලබා දීමට රජය පියවර ගත යුතුයි. (අ)

:       0       0

අමිල ඩුබායි Thursday, 30 January 2014 10:21 PM

අයියෝ සල්ලි .....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site