IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැංකු මුදල් අයකැමි බැංකුවේ කෝටි 13ක් ඩේලි පොලියට දීලා

(කේ බුද්ධික කුමාරසිරි)

රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ මුදල් අයකැමිවරයකු බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ බැංකුවල ගිණුම් සදහා මුදල් බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

සැකකරුට  වට්ස්ඇප් හරහා තරුණියක  ලබා දුන් ඇමතුමකට අනුව තමන් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක පොලී මුදලක් ලබා ගත හැකි බවට දැනුම් දී ඇත.

ඒ අනුව සැකකරු  එදින රුපියල් තිස්දහසකක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට දමා ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී ඇත.

ඒ අනුව පසුදින (29) දින රාජකාරී සඳහා කඩුවෙලා බැංකු ශාඛාවට පැමිණි සැකකරු එම බැංකුවේ තිබූ දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන ගිණුම් සඳහා එක් දිනක් තුළදී බැර කර ඇත.

එලෙස ලබාදුන් බැංකු ගිණුම් අතර පෞද්ගලික බැංකුවල ගිණුම්  රාජ්‍ය බැංකුවල ගිණුම් අංක ද සඳහන්ව ඇති බවත් සැකකරු විසින් රුපියල් ලක්ෂ තිහ හතළිහ පනහ කෝටිය කෝටි දෙක වශයෙන් අදාළ ගිණුම්වලට වරින් වර මුදල් බැර කර ඇත.

 



අදහස් (8)

බැංකු මුදල් අයකැමි බැංකුවේ කෝටි 13ක් ඩේලි පොලියට දීලා

saman Saturday, 31 May 2025 01:43 AM

එකම පුද්ගලයෙකුට මුදල් ලබා ගැනීම සහ ගෙවීම් යන කාර්යයන් දෙකම කිරීමට ඉඩ නොදිය යුතුයි. මේ බැංකුවේ ඉතාමත් ප්‍රාථමික අභ්යන්තර පාලනයක් වන, ආයතනයක පුද්ගලයින්ගේ රාජකාරි වෙන් නොකිරීම නිසා සිදුවුණු දෙයක්.

:       0       6

රෝහණ Saturday, 31 May 2025 08:37 AM

දැන් ඉතිං මොකද වෙලා තියෙන්නේ කෝටි දහතුනත් නැද්ද? පොලිය ලැබෙනවා නම් නීත්‍යානුකූල නම් ඉතිං කමක් නැහැනේ...!

:       3       2

විකුම විදුර Saturday, 31 May 2025 08:49 AM

මේ අය නම් සජිත්ගේ උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු සංකල්පය අනුව රස්සාවට ගිය එකක්ද කොහෙදෝ...? සුදු නං කැෂියර්.. කලු නං කාකස වගේ අරං මයේ හිතේ...

:       4       7

MD Saturday, 31 May 2025 09:43 AM

අද ගොඩක් තරුණ තරුණියන් යම් යම් ක්ෂේත්‍ර සම්බන්ධව හොඳ උගත් බවක් මනා පුහුණුවක් ලබා උසස් මට්ටමකට පැමිණියත් බුද්ධිමත් විනයගරුක අධ්‍යාත්මික බව අහලකවත් නොමැතිකම නිසා දුෂ්ට කුහක ගොබ්බ මෝඩ තකතීරු වෛරී අසහනය පිරී කාම ලෝකෙක හිරවෙලා බලු වෙලා හොර වෙලා කුඩු වෙලා පච වෙලා හෙම්බත් වෙලාද?

:       0       11

යෝගා Saturday, 31 May 2025 10:07 AM

මාලිමාවට ඡන්දය දීපු කොල්ලෙක් වගේ. අත්හදා බලන්න දීලා හොඳටම අමාරුවේ වැටිලා.

:       15       9

බකල ජයා Saturday, 31 May 2025 11:47 AM

මේක කාලයක් තිස්සේ ගොඩක් තැන්වල වෙනව කියල දන්නේ රටේ හැමෝම විතරද?

:       1       12

SAMANSaturday, 31 May 2025 05:12 PM

රාජ්‍ය බැංකුවක හෝ පුද්ගලික බැංකුවක මෙවැන්නක් සිදුවන්නේ නම් බැංකුවල සේවය කරන්නා වූ සේවකයින්ට බැංකුවේ අදාල අංශ ( IT ) නොදැන බැංකුවක් තුළ පොලි ආයතනයක් වසර ගණනාවක් පවත්වාගෙන යාමට හැකි නම් එය බැංකුව තුළ හෝ පද්ධතිය තුළ පවතින දුර්වලත්වයකි.

:       1       10

fairoos Saturday, 31 May 2025 02:17 PM

චිත්‍රපට බලලා ඒ වගේ කරන්න ඇති...

:       15       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site