IMG-LOGO

බැංකු පනත් දෙක මාස දෙකකට පසු බලාත්මක වේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මතවී  මාස දෙකකට පසු අද (14)  සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද  අත්සන සහතික කිරීමෙන් පසු  පනත් කෙටුම්පත් දෙක මෙසේ බලාත්මකවිය.

මෙම පනත් කෙටුම්පත් දෙකට කතානායකවරයාගේ  සහතිකය සඳහන් කිරීමට මාස 2කට ආසන්න කාලයක් ප්‍රමාදවිය. සහතිකය සටහන් කිරීම එසේ ප්‍රමාදවී  ඇත්තේ  පනත් කෙටුම්පත් දෙකේ  පැවති තාක්ෂණික දෝෂ කීපයක් නිවැරදි කිරීමට සිදුවීම  නිසා යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය ජූලි මස 20 වැනිදා  වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණෙ පසුගිය ජූලි 21 වැනිදාය.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක  බලාත්මක වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

බැංකු පනත් දෙක මාස දෙකකට පසු බලාත්මක වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site