
(රෝෂන් තුෂාර)
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර ආයතන අටක සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට අද (10)නියෝග කළේය.
එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට ද නියෝග කළේය.
2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා රුපියල් 2500 ක මිලකට ආනයනය කළ පොහොර පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500කට අලෙවිකර ඇති සැකකාර පුද්ගලයන් පොහොර ගොවි ජනතාවට රුපියල් 2500 ක මිලකට ලබා දුන් බවට අඟවා සමාගම්වලට අහිමි වූ රුපියල් 1400ක මුදල නැවත රජයෙන් ලබාගෙන කෝටි ගණනින් වංචා කිරීම හා අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොහොර වංචාකරුවන් වහා අල්ලනු
beau Thursday, 10 October 2024 08:47 PM
ඔව්.. අසූචි ගෙන්වන්නන්ව අල්ලලා ... ඔවුන්ට අසූචි කැවිය යුතුය.