IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි

(එම්.කේ.නන්දසේන)

කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා)  සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව  කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ. 

මෙහිදී කණකට සිදුව ඇතැයි කියන ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි පොලීසිය කියයි.

      මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ සභාපති චානක අමිල් රංගන මහතාය. මෙම සභාව පොදු පෙරමුණට බලය හිමිවී ඇති අතර සභාපතිවරයාට පහරදී ඇත්තේ ද පොදු පෙරමුණට අයත් මන්ත්‍රීවරයෙකි.

         පොදු පෙරමුණට සභාපති වරයා සමග මන්ත්‍රීධූර 08 ක්ද, එක්සත් ජාතික පක්ෂයට ධූර 05 ද, එක්සත් ජනතා සංධානයට එක් ධූරයක්ද, ජනතා විමුක්ති පෙරමුණ ට ධූර 02 වසයෙන් මන්ත්‍රීන් සංයුතිය 16 කි. 

       මෙම සභාවේ සභාපතිවරයාට පක්ෂව සිටින්නේ පොදු පෙරමුණ මන්ත්‍රී වරයෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු පමණි. 

විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් පොදු පෙරමුණේම  මන්ත්‍රීවරුන් හය දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, ජවිපෙ දෙදෙනාද එකතුවී ඉකුත් නොවැම්බර් මාසයේ පැවති මෙම වසරට අදාළ අයවැය අවස්ථා දෙකකදීම පරාජයට පත් කෙරිණ. එලෙස අයවැය පරාජය කර තිබියදීත් සභාපති වරයා ධුරයේ රැඳී සිටීම අභියෝගයට ලක්කරමින් උප සභාපති වරයා ඇතුළු මන්ත්‍රීවරුන් මොණරාගල මහධිකරණයේ නඩුවක් පවරා එය විභාග වෙමින් පවතී. 

      මාස පහක් තිස්සේ මෙම සභාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර පත්කර ඇති කමිටු වලින්ද මන්ත්‍රී සාමාජිකයින් ඉවත්වී තිබේ. 

සභා වාර්තා සහ යෝජනා සම්මත නොවූවද එය සම්මත වූ බවට  සභා වාර්තාවට ඇතුළත් කිරීමද සෑම සභා වාරයකදීම ගැටලුසහගත තත්ත්වයක් ලෙස පැවතිණ. අදාල මන්ත්‍රීවරුන් පිරිස මේ සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර වරයාට, වුව ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට අවස්ථා කිහිපයක් දැනුම් දී ඇතත් ඒ සඳහා මැදිහත් වී විසඳුමක් ලබා නොදීම මෙම ගැටළු ආරවුල්වලට හේතුවී  ඇතැයි මන්ත්‍රීවරු පවසති. 

     මීට සති දෙකකට පමණ ඉහතදී  සභාපතිවරයා විසින් උප සභාපතිවරයාට වෙළඳසැලක් තුළදී පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන උප සභාපති ඩී. වී. සාන්ත මහතාගේ හිසට බරපතල තුවාල සිදුවී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත.

        ඊයේ (06) දා පෙර වරු 10 ට සභා රැස්වීම පවත්වන බව දන්වා මන්ත්‍රීවරුන් කර තිබූ දැනුම් දීම මත මන්ත්‍රීවරුන් පෙරවරු 10.10 පමණ වන විට සභාවේ අසුන් ගෙන තිබූ නමුත් සභාපති වරයා පැමිණියේ පෙර වරු 10.20 ට පමණය. එලෙස පැමිණ ආගම සිහි කිරීමෙන් අනතුරුව පෙර වරු 11. 30 දක්වා සභාව කල් තබන බවට දැනුම් දීමත් සමග සියලුම න්ත්‍රීවරුන්  එම ප්ර.කාශයට විරෝධය පළ කර සිටියහ. මෙම අවස්ථාවෙිදී ගැටුම ඇති විය.

      උප සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු මීට සති දෙකකට පමණ ඉහතදී උප සභාපතිවරයාට පහර දීමට විරෝධය පල කරමින් කළු පටි පැළැඳ විරෝධතා පුවරු ද රැගෙන සභාවට පැමිණ තිබිණ. 

      හටගත් ගැටුමෙන් පසු ලේකම්වරයා සභාව කල් තැබීමට සූදානම් වුවද ඌව පළාත් පාලන කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබාගෙන මෙම සභාව පවත්වාගෙන යාමට උපදෙස් ලබාගන්නා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඉල්ලා සිටි හෙයින් උප සභාපති වරයාගේ ප්රගධානත්වයෙන් සභාව පවත්වාගෙන යනු ලැබිණි. සභාපතිවරයාද තමාට පහර දුන් දිනයේ ලේ තැවරුණු කමිසය පැළඳ වෛද්‍ය වාර්තා ලියකියවිලි ද ප්‍රර්ශනය කරමින් සභාව පවත්වා ගෙන ගි ෙය්ය.



අදහස් (0)

පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 56 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site