
(ඩයනා උදයංගනී)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය එම පක්‍ෂය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් භාර දී ඇති එම නාම ලේඛනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුසම්මිල්, ජයන්ත, ටිරාන්, කබ්රාල් පිළිගත නොහැකිය. එයාලා විශේෂඥයින් නොවේ... ජාතික ලැයිස්තුවට දාන්න තරම්...
මොනවා ටිරාන් අලස්...? වැරදීමක්ද? නැතිනම් වෙන කෙනෙක්ද?
මෙතන එකම නොගැලපෙන පුද්ගලයා ලේඛන ඉදිරිපත් කරපු, සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රි තමයි.
ජාතික ලැයිස්තුවේ ඇතැම් අය ගැන ගැටලුවක් නැතත්, ජාතික ලැයිස්තුවේ අරමුණ ඉටුවී නැති බව පෙනීයයි. රටට සේවයක් කළ සහ ජාත්‍යන්තර කීර්තියට පත් තැනැත්තන්ගේ හිඟයක් ඇත්දැයි පෙනීයයි. මෙහි බැසිල් රාජපක්ෂ මහතා සිටිය යුතුම කෙනෙකි. එතුමන් සම්බන්ධව පැහැදීමක් නැති බව නම් කිව යුතුමය.
ලොකු වැරැද්දක්.. ද්‍රවිඩ ජනතාවගේ නියෝජනයක් නැහැ.
අලස් නැතිව නම් ඉතා හොඳ ලැයිස්තුවක්...
ඡන්ද ප්‍රතිඵල කියලා ඉවරවෙන්නත් කලින්ම ගෙන්නගෙන උන්න අර යකඩ හොරකම් කරපු වරෙන්තුපිට ඉන්න හාදයාවත් මේකට දාගන්න තිබ්බේ. කොහොමත් ගෙවිඳු පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් අනිත් මිනිස්සුන්ට කන්වල ඇබ ගහගෙන ඉන්න වෙයි. නැත්නම් ගෙවිඳුගේ කට වහලා තියන්න වෙයි. ඒ මනුස්සයාට අනිත් අයගේ මතයක් අහන් ඉන්න ඉවසීමක් නැති දඟලන උගත් කෙනෙක්නේ....
ඉතිහාසය පුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය ගැන බැලුවම වෙනසක් සහිත සෑහීමකට පත්විය හැකි ලැයිස්තුවකි