(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල පොලිස් අධිකාරී 1 ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා විසිනි.
අලුත ගෙනා ටයරය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළුලොරි රථයක රියදුරෙකුට විකුණා පොලිස් බස් රථයේ පරණ ටයරය ගලවා ඒ වෙනුවට නැවත පිරවූ ටයරයක් සවිකර ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය
කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා කරන ලද පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මතකුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
6
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා
Bunny Preena Saturday, 18 March 2023 08:51 AM
බලාගෙන ගියාම ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ඉන්නේ හොරුනේ.. හොරකම ජාතික ප්‍රතිපත්තියක් වෙලා වගෙයි.