(යොහාන් භාසුර)

ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසමේ සභාපතිනිය දැනුම්දී තිබේ.

එම නිලධාරීන්ට ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 10.00 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස වැඩි දුරටත් දන්වා තිබේ.