IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත්  රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි.

අදලා ඉඩම පුත්තලම නගරයෙ ටෙලිකොම් ආයතනයට යාබදව හා පැරණි අශෝකා සිනමා හලට මැදිව පිහිටි පර්චස් 25 කට ආසන්න ඉඩමක් බව කියයි.

මෙම ඉඩම පසුගිය දිනක මන්ත්‍රිවරයා විසින් මෙලෙස ඔහුගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් අත්පත් කර ගෙන ඇති බව කියයි.

අදාල ඉඩම දැනට පුත්තලම නගරයෙ වානිජ වටිනාකමකින් ඉහලම මිලක් ඇති අදාල ස්ථානයක් බවත් එය මන්ත්‍රිවරයා විසින් තහඩු ගසා ආවරණය කර ඇති බවට රිඝුව චෝදනා එල්ල වෙති .

මේ සම්බන්ධව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ඇත්තටම මේ ඉඩම මම අල්ලගෙන නැහැ එයට යාබදව තිබෙන ඉඩම බදු පදනමින් ලබා ගැනිම කළා.එය කලේ මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂනල් සමාගමක වාහන වාහන ගාල් කිරීමේ ස්ථානයක් ආරම්භ කරන්න.

එහිදි ඊට යාබදව තිබුන මේ කියන ඉඩම නිසා අපේ වැඩ බිමට මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂල් කම්පැනියට බාධාවක් ව තිබුනා යාබදව තිබුන ඉඩම.මොකද කුඩුකාරයෝ අනිත් අය නිතරම එතැනින් ගමන් කරනවා කුඩු ගහන්න එනවා.

ඒ නිසා අර යාබද ඉඩමත් වට කරලා තහඩු ගසා තිබේනවා අපේ ඉදිකිරීම් අවසන් වන තුරු නැතුව අපි අල්ලලා නැහැ.

අනික පුත්තලම ප්‍රාදේශීය ලේකම් මගෙන් පලි ගන්න ඕනා නිසා අපිට ලියුම් ඒවා තිබුනා.එයා තමා මේ සේරම කරන්නේ යැයි ඔහු පවසන්නට විය.

මන්ත්‍රිවරයා නගන චෝදනා හා අදාල ඉඩමේ අයිතිය පිළිබදව පුත්තලම ප්‍රාදේශිය ලේකම් සම්පත් පියල් විරසේකර මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ මම මන්ත්‍රිතුමා සමග කිසිම තරහක් නැහැ මම කරන්නේ මට අයිති රාජකාරිය. මේ වන විට මන්ත්‍රිතුමා ඇතුළු පිරිස බදු අරන් තිබේන ඉඩමට යාබද පර්චස් 25 කට ආසන්න අධික වානිජ වටිනාකමකින් යුත් ඉඩම සම්පුර්ණයෙන් නීති විරෝධීව අත්පත් කරගෙන තිබේනවා එය වහාම නවත්වන්න කියලා මම මන්ත්‍රිතුමට දැනුවත් කර ලිපි යැවිම කලා.

නමුත් එතුමා තවමත් එම ස්ථානයෙන් ඉවත් නොවිම නිසා ඉහල නිළධාරීන්ට අදාල සිද්දිය දැනුවත් කිරීම කර තිබේනවා.

මෙය මා වගකිව යුත් ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම් ඒ නිසා මම නීතිය ක්‍රියත්මක කරන්න මැලි වෙන්නේ නැහැ යැයි ඔහු පවසන්නට විය.



අදහස් (5)

පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන

Chandanie Monday, 15 July 2024 05:48 AM

අධිකරණය ගමට ගෙනයනවා කියන්නේ ඔන්න ඕකට වෙන්න ඇති

:       6       22

Ruwan De Silva Monday, 15 July 2024 06:33 AM

ඡාත්‍යන්තර කම්පැනි එකක් ආරම්භ කරන්න සල්ලි කොහෙන්ද? මන්ත්‍රී වෙන්න කලින් කොටිපතියෙක් ද? එහෙම තහඩු ගහලා ආවරණය කරන්නත් අවසර ගන්න ඕනේ නැද්ද?

:       0       33

සමන් Monday, 15 July 2024 07:07 AM

මේ ප්‍රාදේශීය ලේකම් තුමාට තම රාජකාරිය නිසි ලෙස කිරීමට තවත් ශක්තිය ලැබේවා. ඔහුව රත්තරන් හොරුන් ගෙන් ආරක්ෂා කළ යුතුයි. මන්ත්‍රී තුමාගේ ඉන්ටර්නැෂනල් කොම්පැනිය තීරුබදු රහිතව රත්තරන් ආනයනය කිරීමද කරන්නෙ.

:       0       44

Lalla Monday, 15 July 2024 10:19 AM

ආණ්ඩුවට පණ නෑ.. රත්තරන් හොරෙකුට හිර දඬුවම් දෙන්න. අපෝ පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා කියලා ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා.

:       0       14

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 10:57 AM

රනිල් රාජපක්ෂලා එක්ක නටන සෙල්ලම් ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් එක්ක කරන්න බැරි බව අලි සබ්‍රිලා දැනගත යුතුයි. ඒ නිසා ඔය ගේම් තව ටික කාලයයි තියෙන්නේ.. ඊට පස්සේ නීතිය හැමටම සමානව ක්‍රියාත්මක වෙන රටක නටන්න නොවෙයි... පස්ස පැත්තෙන් යන්නයි අලි සබ්‍රිලාට සිදු වෙන්නේ.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site