IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ නාම යෝජනා 14 ක් ප්‍රතික්ෂේප වෙයි

(පද්මා කුමාරී කංකානම්ගේ,එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර )

මෙවර පළාත් පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නාම යෝජනා බාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දේසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික්ෂේප වු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසිය.

නාමයෝජනා 111 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් 14 ක් වයස සනාථ නොකිරීම,නියමිත කාලය තුල බාර නොදීම යන හේතු පදනම් කර ගනිමින් ප්‍රතික්ෂේප වූ බැව් දීසා ලේකම් සුනන්ද හේරත් මහතා පවසයි.ඒ අනුව නාම යෝජනා 97ක් නිළ වශයෙන් භාර ගෙන ඇත.

පුත්තලම මහ නගර සභාවේ නාම යෝජනා 3ක්,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව නාම යෝජනා 2 ක්,ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාව නාම යෝජනා 2 ක්,හලාවත නගර සභාව,හලාවත ප්‍රාදේශීය සභාව,කල්පිටිය ප්‍රාදේශීය සභාව,වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව, නවගත්තේගම ප්‍රාදේශීය සභාව,ආණමඩුව ප්‍රාදේශීය සභාව, නාත්තණ්ඩිය ප්‍රාදේශී සභාව, නාම යෝජනා පත් එක බැගින් ද  ප්‍රතික්ෂේප වී ඇත.

ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් 118 දෙනෙකු පළාත් පාලන මැතිවරනය සදහා ඇප මුදල් තැන්පත් කර තිබිණි.

 



අදහස් (0)

පුත්තලමේ නාම යෝජනා 14 ක් ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site