IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ

(ලක්මි කුඩලිගම)

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී  විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

යතුරු පැදියේ පසුපස ගමන් ගත් රන්දික පියුමාල් ගමගේ නමැති (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත.  

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ.

එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

යතුරු පැදිකරු ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් මේ පිළිබඳව පරික්ෂණ පවත්වති.

 



අදහස් (1)

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ

සෞභාග්‍යයේ රට පෙරට Wednesday, 15 November 2023 06:22 AM

සාමාන්‍යයෙන් ලංකාවේ යුද්ධය තිබුණු කාලෙවත් මෙතරම් මරණ සිදුවුණේ නැහැ කියලා පැහැදිලියි. මේ මරණ බොහෝමයක් යතුරුපැදි අනතුරු වලින් සිදුවෙනවා.. මේ තත්වය රජයේ සේවකයින් සඳහා සහන මිලට යතුරුපැදි ලබාදීමෙන් පසුව ප්‍රවර්ධනය වුණා කියලා කියන්න පුළුවන්... මේනිසා පළාතෙන් පළාතට යනවිට වෙන පළාතක වාහන ඇල්ලීම කරන පොලිස් නිලධාරින්ට යතුරුපැදි කරුවන් කරන වැරැදි ගැන වඩා අවධානයෙන් ඉන්න කියලා නියමයක් කරන්න මතක් කරන්න කැමැතියි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28580 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11061 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site