
(රන්ජන් කටුගම්පොල)
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසියකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබ ඇත.
හිටපු මන්ත්‍රීවරුන් වන මානගේ ප්‍රේමසිරි එගොඩ ගෙදර නවරත්න බණ්ඩාර නිශාන්ත දීපාල් ගුණසේකර සමන්සිරි හේරත් යන මහත්වරුන් විසින් ගොනුකොට පෙත්සම් වල උත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර ඇති පෙත්සම් වලමෙසේ සඳහන්ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධාතා අමාත්‍යවරයා විසින් පසුගිය හත්වැනි දා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පණක් කෙටුම්පත නමින් පනත්කෙටුම් පතක් න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත මගින් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට යෝජනා කර ඇත.
බ්‍රිතාන්‍ය සම්ප්රදාය අනුව යමින් 1947 වසරේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රී වැටුප් ක්‍රමය හඳුන්වා දුන්නේය.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු බොහෝ යුරෝපීය රටවල්වල ක්‍රියාත්මක වන අතර ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකුට රුපියල් 31000ක විශ්‍රාම වැටුමක් ලැබෙයි.
එබැවින් ලංක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවේ.
මෙම තත්ත්වය තුළ ආණ්ඩුව ව්‍යවස්ථාවේ 3 4 10 11 සහ 12 යන වගන්තින් කඩවෙයි.
එබැවින් මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුව ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් කඩවන බව ප්‍රකාශ කරන ලෙස ද මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවගේ ඡන්දය සහ ජනමත විචාරණයක් පැවැත්වීමට නියෝගයන් නිකුත් කරන ලෙසද පෙත්සම කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පහක් මන්ත්‍රී වෙලා මැරෙනකං ජනතාවගේ ඔහෙලා පෝෂණය කරන්නේ මොන විහිළුවක්ද? මේ රජයේ නිලධාරින් අවුරුදු විස්ස, තිහේ වැඩ කරනේ ඔනේ විශ්‍රාම වැටුපක් ගන්නේ.