IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වාර්තා ගත සංචාරකයා පිලිගන්න කටුනායක චාම් උත්සවයක්

(ටී.කේ.ජී.කපිල)

වැඩිම සංචාරකයන් පිරිස වූ 23,33, 795 ප්‍රමාණය අභිබවා යමින් මෙරටට පැමිණි 23, 33, 796 වැනි සංචාරකයා  පිළිගැනීමේ චාම් උත්සවයක් කටුනායක ගුවන්තොටුපොළ ‘‘සිල්ක්රූට්‘‘ මගී පර්යන්තයේ දී අද උදෑසන සංවිධානය කර තිබුනි.

සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  උත්සවය පැවැත්වණි.

මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරයන් පැමිණි වසර වූ 2018 වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා යමින් 23,33,796  සංචාරකයා ලෙස  දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට , එරට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වූ ෆීලික්ස් බෙස්ලින්,  ඔහුගේ බිරිඳ වූ , විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ රීනා ෆර්ඩිනැන්ඩස් මහත්මිය සහ ඔවුන්ගේ දියනිය වූ , වෛද්‍ය ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය ද පැමිණියහ.

ඒ අනුව මෙම 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත් වීමට නියමිතය.

ඔවුන් පිළිගැනීම සදහා සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ .



අදහස් (0)

වාර්තා ගත සංචාරකයා පිලිගන්න කටුනායක චාම් උත්සවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site