
(දයාරත්න ඇඹෝගම)
පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.
මෙම ගුරුවරයා පාසල් වේලාවේ උපකාරක පංතිවල සිසුන්ට මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කොට තිබුණි.
එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවත් මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග එම පාසලේ නිරික්ෂණය නිරතවු අවස්ථාවේ මෙම ගුරුවරයා පාසලේ ගුරුවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කොට පාසලෙන් පිටතට ගොස් සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන්ට උගන්වා ඇති බවට අනාවරණයවු බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.
එසේම මෙම ගුරැවරයා කිසිදු බලධාරියෙකුගේ අනුමැතියකින් තොරව මෙම වසරේ මේ දක්වා දින 26 ක් නිවාඩු ලබාගෙන ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.
ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ඊයේ (17)දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනම් කොට තිබුණි.

COMMENTS
රජයේ හිඟන වැටුපට වඩා කීප ගුණයක් ටියුෂන් වලින් හොයනවා ඇති
AKD ගෝලයෙක් වෙන්න ඕනේ
වැඩේ නම් හොඳයි. හැබැයි ලංකාවෙ රාජකාරි වෙලාවෙදි ටියුශන් කරන ගුරාලට වැඩිය රාජකාරි වෙලාවෙදි පුද්ගලික චැනෙල් කරන දොස්තරල ඉන්නව. රෝහලේ නිල නිවස තුලම. ඇයි ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ.? ඒගොල්ලො වෙනම පිරිසක්ද?
සංවර්ධිත රටවල මේ වගේ නිව්ස් නැහැ මොකද එම රටවල පුරවැසියා ගේ ආර්ථික ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සුදුසු ක්‍රමවේද සකස් කරලා තියෙන නිසා. නමුත් අපේ රටේ එවැනි වාතාවරණය ක් නැති බැවින් මෙවැනි නිව්ස් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න වෙනවා. මෙය කෙසේ හෝ වෙනස් කල යුතුයි
දොස්තර කෙනෙකුට ලැබෙන මාසික වැටුප දීමනා එක්ක කොපමණද කියල හොයලා බලන්න. අනික ඔවුන්ට අනිවාර්යයෙන්ම අතිකාල වැඩ කරන්න වෙලා වෛද්‍ය හිඟය නිසා.ඒ අඩුම මුදලකට. ඒ වගේම හිතන්න සියලුම ලෙඩුන් රෝහලට එන්න වුනොත් ඇතිවන තත්ත්වය තදබදය. පෞද්ගලික වෛද්‍ය සේවා මගින් රෝගීන් තූනෙන් එකකට වඩා ප්‍රතිකාර ගන්නව.ඊර්ෂ්‍යාව රුසියාවට වඩා ලොකු නේද?
අනිවාර්යයෙන්ම දඩුවක් කල යුතුයි.
රාජකාරි වෙලාවේදී ත්‍රීවීල් පදින නගර සභා නූගත් සේවකයෝ...! එතකොට ඔටුවොද?
හොඳ තීරණයක්. තවත් ඡන්ද ලක්ෂ ගණනක් එතුමාට අහිමි කිරීම ගැන ස්තුති කළ යුතුයි...!