IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා

(යොහාන් භාසුර)

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසුවාය.

කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය. මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.



අදහස් (5)

පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා

nimal Sunday, 20 April 2025 05:46 PM

විශ්වාස කරන්න තරම් කරුණු මදි. තව විස්තර කරන්න.

:       0       1

කමල් Sunday, 20 April 2025 07:22 PM

පාසල්වල විෂමතාවය මූලිකවම එන්නේ එකවසර ලමයි ඇතුලත් කීරිම පදිංචියට හැර වෙනත් කෝටා ක්‍රම තිබීම නිසා. ඒත් පියා හෝ මවගේ රැකියා ස්ථානය (ආරක්‍ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය නම් වෙනම කෝටා එකක් ) , පියා හෝ මවගේ ආදිශිෂ්‍ය නිසා දෙනව නම් එතන අනිවාර්යයෙන්ම හොඳ ඉස්කෝල නරක ඉස්කෝල කියල කැඩෙන එක අහන්න දෙයක් නෙමයි. හොර ලියාපදිංචිය හදාගෙන යන එක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමයි. හැබැයි අම්ම තාත්තගේ තත්වය අනුව ලමයින්ට ඉස්කෝලේ තීරණය කරන්නේ අපේ රටේ විතරයි.

:       0       0

තරිඳු Sunday, 20 April 2025 10:00 PM

මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට ජනාධිපතිවරණ වේදිකාවේ කියපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ කියපු 6% වෙන් කළා ද? ඇත්තටම වෙන්කෙරුණු ගාන කියන්නත් ලැජ්ජයි, අච්චර COVID 19 වසංගත කාලෙත් 2% වෙන්කළා නේද? 1% ක් වත් මාලිමා අය-වැයෙන් අධ්‍යාපනයට වෙන්කරලා නෑ. මෙයා බොරු කියනවා තවත්

:       0       1

sakra Monday, 21 April 2025 02:51 AM

අනේ නෝනේ හූන කියන්නාසේ කියන්නම් අපේ අධ්‍යාපනයේ දැනෙන වෙනසක් ඔහෙලට කරන්න බැරි බව . කරනවා නම් කල යුත්තේ තවත් එක් හොර ගුහාවක් වන වී විද්‍යාල වල දැනට ඇති බොහොමයක් පාඨමාලා අහෝසි කර යුගයට ගැලපෙන නව පාඨමාලා ඇතිකිරීම . විශේෂයෙන්ම කලා උපාධි වලින් 95%ක්ම මිට අයත්.ඇතැම් උපාධි පාඨමාලා පවත්වාගෙන යන්නේ අදාල ආචාර්ය වරුන්ට පැවතීම වෙනුවෙන්. අනික විශ්ව විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමය විශේෂයෙන්ම උසස්පෙළ සිසුන්ට බලහත්කාරයෙන් මෙන් පනවා ඇති විෂය සංයෝජන වෙනස් කිරීම හා ඇගයීම් ක්‍රමය වෙනස් කිරීම . මීට අමතරව 5 වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම . නමුත් මේ එකක්වත් කරන්න ටියුෂන් මාෆියාව ඉඩදෙන්නේ නැහැ .

:       0       2

ගුණරත්න Monday, 21 April 2025 08:13 AM

අපේ පොඩි එකාට මම ජනාධිපති වුනොත් කියන මැයෙන් රචනාවක් ලියන්න කිව්වොත් ඌ ලියන්නෙත් මෙහෙම, ඌ මෙහෙම කරනවා කරන්න බලාපොරොත්තු වෙනවා කියල, මොකෝ ඌ අසරණ පුංචි එකෙක් ඌට කරන්න ඌ හීන මවන දේ කියන්න විතරයි. එත් අපේ ආණ්ඩුවේ මහා බලවත් ජනාධිපති අගමැති එහෙමත් කියන්නේ මේම කරනවා අරම කරනවා කියල. එත් කෝ මොනවද කරේ? අවුරුද්දකින් භාගයක් ගිහින් මොකක්ද ඇත්තටම කරේ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28489 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10973 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site