IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාරුව පෙරළි මිය ගිය අය අතර මව සහ දරු දෙදෙනා

(ඉන්දිකා රාමනායක)

ත්‍රිකුණාමලය කින්නියා  කුරිඤ්ඤකර්නි   කලපුවේ පාරුවක්   පෙරළීමෙන්  මිය ගිය 6 දෙනා අතර   එකම පවුලේ මව සහ  දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනාත් සිටින බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ   පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පවසයි.

 මිය ගිය  එක පවුලක  මව (30), දියණිය (6) සහ පුතා (3 1/2) සිටි බවද හෙතෙම කීය.  සෙසු පවුලේ වැඩිමහල් සොහොයුරින් දෙදෙනකු සිටින බවද හෙතෙම කීය.  මෙම සිද්ධියෙන්  6 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත්,  හෙතෙම කීය.

සිද්ධියෙන් තුවාල ලැබු 20 දෙනා අතර 19 දෙනෙකු කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,  එම පිරිස අතර ගැහැණු දරුවන්  5 දෙනෙකු හා පිරිමි ළමුන් 6 දෙනෙකු සිටින බවත් , සෙසු පිරිස අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන්  4 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු සිටින බවද  හෙතෙම කීය.

 වයස අව්රුදු 6 ක දැරියක්  ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශතවරයා වැඩිදුරටත් කීය. අනතුරට ලක් වු පිරිස බේරා ගැනීම සදහා නාවික හමුදාව හා පොලිසිය සිදුකළ මෙහෙයුම් අවසන් කර ඇත.



අදහස් (1)

පාරුව පෙරළි මිය ගිය අය අතර මව සහ දරු දෙදෙනා

Ganga Kumanayake Wednesday, 24 November 2021 04:16 PM

දුකයි. ඒක වචන වලින් කියන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site