IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාර්ලිමේන්තු උත්සවයට ආචාර වෙඩි මුර-රථ පෙළපාළි නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙ වැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු ප්‍රධානින්ට උපදෙස්දී ඇත.

මේ අනුව  මෙවර උත්සවයට ආචාර වෙඩිමුර සහ රථ පෙළපාළි  ඇතුළත් නොකෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  පවසති.

උත්සවයට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගැනීමට  පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් පමණක් සිදු කෙරේ.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට  නියමිතය.

ඊට පෙර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමද  ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන  බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.


ආරාධිත අමුත්තන්ගේ පැමිණීම 18 වැනිදා පෙ.ව  09.15 ට  සිදුවන අතර, එහිදී  පළමුවෙන්ම සිදුවන්නේ   පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමයි.

අනතුරුව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ  පැමිණීමෙන් පසු,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්   සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහිදී කතානායක  සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගැනීමට නියමිතය.

ඉන් පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත්   කතානායක  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා  විසින් ජනාධිපතිවරයා  පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ  ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද  පළ කරති.

ජනාධිපතිවරයා විසින්   ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන්  අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ.

ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වේ.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන් , උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකට ආරාධනා  ඇරයුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා කීවේය .

උත්සවයේ සියලු කටයුතු සිදු වන්නේ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය



අදහස් (15)

පාර්ලිමේන්තු උත්සවයට ආචාර වෙඩි මුර-රථ පෙළපාළි නැහැ

Kumara Friday, 14 January 2022 12:22 PM

අයියට අඩුවක් වගේ දැනෙයිද දන්නේ නෑ නේද සර්..?

:       0       1

gamage Friday, 14 January 2022 12:53 PM

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් පටන්ගන්න තියපු උත්සවයට රුපියල් කෝටියක් වියදම් කළා නම් ආරංචියි. කාවද මේ රවට්ටන්නේ?

:       5       8

Shan Friday, 14 January 2022 01:18 PM

පෙළපාලි සහ වෙඩිමුර තව නැති එක තමයි ප්‍රශ්නේ.. අනිත් එක අපේ සල්ලිවලින් සොහොන් හදපු අය කොහොමද සම්ප්‍රාප්ත වෙන්නේ... අපේ රටේ හොරුන්ට ගිය කලක්...

:       36       32

ජගත් ලියනගේ Friday, 14 January 2022 01:54 PM

ඔයාට ආචාර නෙවෙයි දැන් කරන්න තියෙන්නේ..., හොඳ බූවල්ලකින් තලන්න. රටට කරලා තියන හානියට...

:       38       36

ravin Friday, 14 January 2022 02:10 PM

තැනනම් උත්තරීතරයි කියනවා. ඉන්න කට්ටියගේ වැඩනම් බලු නොවටී. රටේ දැනට පවතින ආර්ථික තත්වය හා සෞඛ්‍ය තත්වය සැලකිල්ලට අරගෙන නරකද, ජයමංගල ගාථා ටික විතරක් කියලා විවෘත කරලා අනිකුත් සියලුම කරුණු වලට තමතමුන්ගේ පුද්ගලික වියදමින් කරගෙන ගියොත්...?

:       16       34

අබිලින් Friday, 14 January 2022 03:08 PM

සැසිවාරය කල්දමනවා උත්සවයක් තියලා කෙරුවාව කියවලා නැවත කල් දමනවා ජනතා මුදලින් කාලා බීලා විසිර යනවා. මේ ටිකට වියදම් කොපමණ වේද අපේ හාමුදුරුවනේ...!!!

:       0       0

පිටිගල මිලානෝ Friday, 14 January 2022 03:25 PM

වෙඩි මුරය තිබ්බට කමක් නැහැ කාලතුවක්කු ටික පාර්ලිමේන්තුවට හරවලා...

:       0       0

චාම් Friday, 14 January 2022 03:29 PM

සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්න පුළුවන් අපිට චාම් උත්සව කරන විදිහ කියල දෙන්න එපා මහත්තයෝ

:       0       0

Ran Friday, 14 January 2022 03:33 PM

ඕවා කරන්න කොහෙද සල්ලි. ඒවා ඔක්කොම කෙන්යාවට යැව්වලුනේද ? අනේ මන්ද.

:       0       0

Kumara Friday, 14 January 2022 04:04 PM

නරකද වෙනසකටත් එක්ක නිකන් නන්ස්ටොප් එකක්

:       0       0

amila Friday, 14 January 2022 04:46 PM

මේගොල්ලන්ගේ හිතේ මේවා රජ වැඩ කියලා... ඒකටවත් සල්ලි නෑ රටේ...

:       0       0

ගමේ එකාලා Friday, 14 January 2022 08:27 PM

ඔක්කොටම වැඩිය හොඳ නැද්ද චීවරදාරියෝ ටිකක් ගෙන්නලා සෙත් පිරිත් සන්ජායනාවක් කෙරුවනම්.

:       0       0

SUNIL MILANO Friday, 14 January 2022 09:02 PM

එලොවටත් නැති මෙලොවටත් නැති අපත ජෙප්පොන්ගේ සහ පුතානොගේ හෙන්චයියොන්ගේ අපත කමෙන්ට්ස්

:       0       0

Eranga Friday, 14 January 2022 11:22 PM

කොහොමත් ඔක්කොම වගේ පුස්වෙඩි විතරයිනෙ සර්ලගෙ තියෙන්නෙ...අමුතුවෙන් වෙඩි ඕනෙ නෑ.

:       0       0

WCA Saturday, 15 January 2022 01:04 AM

වෙඩි මුර තියයලම පටන්ගන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21946 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18110 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10841 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 535 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site