IMG-LOGO

2025 මාර්තු මස 16 වන ඉරිදා


ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර

ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

දිසානායක මහතා මේ බව කීවේ කොළඹ බී.ආර්.සී. පිටියේදී අද දින පැවැති මැයි දින රැළියට එක්වෙමිනි.


මේ රට අවුරුදු 70 ක් පමණ පාලනය කළ පාලකයන් අපට මොනවද ඉතුරු කරලා තියෙන්නේ?....මේ රට මහා ණය කන්දක හිර කළා. කෝ ඒ ණයවලින් කළ දේවල්?“


“මේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනා. වසරකට භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය ගෙවන්නත් මදි. මෙය හිඟන රටක් නොවේද? අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. හැබැයි පාලකයන් අපේ රට හිඟන රටක් බවට පත් කරලා තිබෙනවා“
“රට සහ ජනතාව පසුපසට ඇදගෙන ගිහින් තිබෙනවා. රට හිඟන රාජ්‍යක් බවට පත් කර තිබෙනවා. අපේ රට ප්‍රෞඩත්වයක් ඇති රටක් බවට පත්කිරීමේ වගකීම අපට තිබෙනවා.“


“ණය බරින් පිරුණු, දරුවන්ට අධ්‍යාපනය නොමැති, ලෙඩරෝගවලින් පිරුණු දීනත්වයට පත් කළ ජනතාවක් සිටිනවා. දීනත්වයට පත් කළ ජනතාවට අභිමානවත්ව ඉදිරියට යන්න කටයුතු ලෑස්ති කළ යුතුයි.  ජනතාව වෙනුවෙන් පාලනයක් ගොඩ නැගීමේ දිසාවට රට ගෙන යායුතුව තිබෙනවා.“ යයි කී දිසානායක මහතා මැයි දින රැළිය වෙනුවෙන් බී.ආර්.සී. ක්‍රීඩාංගණයට රැස්වූ ජනතාව අගයමින් කතාකළේය.


“අතුරු සිදුරුව නැතිව පිරියනවා යයි කියන්නේ මොකක්ද කියා ඇහුවොත් අද මේ බී.ආර්.සී. පිටිය පිරී ඇති ආකාරය යැයි පෙන්වන්න පුළුවන්. බොහෝ අයට ඉඩ නැතිව පාරේ ඉන්නවා. වේදිකාවේ පසුපස පවා ඉන්නවා“ යයිද පැවසීය.

 



අදහස් (16)

ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර

ධම්ම Monday, 01 May 2017 03:00 PM

සෙනඟ ඉන්නවා... නමුත් ඡන්ද නැහැ. ඒ ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.

:       411       527

Missaka Monday, 01 May 2017 03:01 PM

එ්කට අනුර කුමාර මහත්තයත් උදව් කළා ....

:       511       344

චන්ද්‍රMonday, 01 May 2017 04:02 PM

ඔබ කියන කතාව හරියටම හරි....

:       0       0

sunil Monday, 01 May 2017 03:36 PM

කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපේ තැපැල් කන්තෝරු, අපේ ට්‍රාන්ස්ෆෝමර් අපේ සී.ටී. බී. බස් ටික සමහරු ගිනි තියනකොටත් අපිට මෙහෙමම හිතුණ කාලෙකුත් තිබුණා. අපි මැරිලා ඉපදුනේ නැහැනේ ආයුබෝවන් !!!

:       1       3

nipuni Monday, 01 May 2017 03:51 PM

අනුර සහෝදරයා, ඔබ කළ යුතු වන්නේ ඇමති ධුරයක් භාර ගෙන අවුරුදු 2 තුළ එම ඇමති වගකීම හරි විදිහට කරන එකයි? විවේචනය පමණක් මදි. මුලින් රටම එකමුතු වෙලා දැවෙන ප්‍රශ්න විසඳමු. බොරු වර්ජන, කඩාකප්පල් වැඩ නවතමු.

:       1       1

dick Monday, 01 May 2017 04:13 PM

ඔයාලත් ඒකට වග කියන්න ඕනේ

:       0       3

Padmapriya Monday, 01 May 2017 04:27 PM

දැන්ද දැක්කේ? මෙතෙක් කල් නිදිද.

:       0       0

Kamal Monday, 01 May 2017 05:45 PM

ජවිපෙ ට ජයවේවා රට ගොඩනැගීමට ඇති එකම මග

:       1       0

sensa Tuesday, 02 May 2017 02:31 AM

කමිකරුවන් විකුණාගෙන කන එක නවත්තපල්ලා.

:       0       2

sumudu Tuesday, 02 May 2017 03:11 AM

එකට අනික් පක්ෂ වලට දොස් කියන්න එපා . ඒගොල්ල කියන දේවල් කරන දේවල් දැනගෙන ඒ අයට චන්දෙ දීපු ජනතාවට දොස් කියන්න . ජනතාව ඉල්ලපු දේවල් තමයි ලැබිල තියෙන්නේ . මමනම් හරිම සතුටුයි එහෙම වෙනවට . මොකද මම ඔය රටේ නෙමෙයිනේ ඉන්නේ .

:       0       0

රාජා Tuesday, 02 May 2017 05:14 AM

මෙයාල ම මේ හොර ආන්ඩුව ගේන ලෙස අපිට කිව්වා. දැන් මේ කතාකරන කටින්ම රට මේ ආන්ඩුව මගින් දියුනු කරන හැටි කිව්වා දිව දෙකේ කුහක ජේ වී පී කාරයෝ. මහින්දගේ අඩුපාඩු තිබුනත් රට මෙහෙම විනාශ වුනේ නෑ. අපි මෙයාලට රැවටුනා.

:       0       0

ලපයා Tuesday, 02 May 2017 05:48 AM

පරෙස්සමෙන් කතා කරන්න ආණ්ඩුවට රිදෙයි කියල බයේද? මහා බැංකු හොරකම ගැන මුකුත් කියන්නේ නැත්තේ මොකද.?

:       0       0

වින්සන්ට් Tuesday, 02 May 2017 06:02 AM

හොරු රජ කරන්න දර දිය අදින මෝඩ ඡංන්දදායකයන් ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 May 2017 07:02 AM

මේගොල්ලන් දානේ නොදී පෙර පින් කර නැති නිසාදෝ රැස්වීමකට එන කෙනෙක්වත් චන්දෙ නොදෙන තත්වයක් තියෙන්නේ. බහුතරයක් හොඳට කතා අහල සතුටුවෙලා ගෙදර ගිහිල්ලා වෙන කාටහරි චන්දෙ දෙනවා.

:       0       0

kumar (galf) Tuesday, 02 May 2017 07:51 AM

තව වර්ජන කරන්න එතකොට ඉක්මනටම රට ගොඩ ඒවි.

:       0       0

NIHAL Tuesday, 02 May 2017 10:32 AM

එතකොට ඔබලා ජනවාරි 8 පත්කළ නායකයා කියන්නේ ඔයිට වඩා වෙනස් දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මංකොල්ලකරු ගල් පහරින් මරුට
2025 මාර්තු මස 16 95 0

පසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි.


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 16 14 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති
2025 මාර්තු මස 15 1232 0

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් ද


කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර
2025 මාර්තු මස 15 1493 0

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ


අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 947 4

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 825 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 296 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 684 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 278 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site