
(රන්ජන් කටුගම්පොල)
ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබියදීත් අධිකරණයට නොපැමිණ දැනට විදේශ ගත වී ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර දුටු තැන අත්අඩංගුවට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.
ශ්රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවෙ රත්නපුර කහවත්ත ප්රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දිය.
මෙම විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු ප්රීතිමත් සූරසේන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන අචල විංගප්පුලි සහ ගිහාන් කුලතුං ග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණවිනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලණි.
පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්රී නිලන්ත ජයසිංහ , කහවත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන විත්තිකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය මගින් නියම කළ මරණ දඬුවම් අහෝසි කරමින් අභියාචනාධිකරණය මගින් නිකුත්කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අගතියටවත් පාර්ශවය ගොනුකොට තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධ ඉතිරි විත්තිකරුවන් දෙදෙනාම අධිකරණ නියෝගයක් මත අධිකරණය පෙනී සිටිය අතර ඔවුන් නඩුකරය අවසන් වන තුරු රිමාන්ඞ් භාරයේ තබන ලෙස ද අධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd