
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
‘එක්ස් 9.05’ යනුවෙන් නම් කෙරුණු මෙම සූර්ය ගිනිදැල්ල ඉතා ප්‍රබල එකක් බවත්, මෙවැනි ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් මීට පෙර නිකුත් වූයේ 2017 දී බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.
අප හිරු එසේත් නැතිනම් සූර්යයා හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වුණු ගිනි බෝලයකි. කාලයෙන් කාලයට සූර්යයාගේ වෙනස් වීම් ඇති වෙයි. පිපිරීම් හටගනී.
විටෙක එය සන්සුන් ස්වරූපයක් ගන්නා අතර, විටෙක ප්‍රචණ්ඩ වෙයි. මෙම වෙනස් වීම් හැඳින්වෙන්නේ ‘සූර්ය චක්‍ර’ යනුවෙනි.
පිපිරීම් සිදුවෙද්දී සූර්යයාගෙන් ගිනිදැල් සූර්ය ගිනිදැල් ලෙස හැඳින්වෙයි.
ගිනිදැල් සමඟ නිකුත් වන අහිතකර කිරණ සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී යයි.
දුර්වල සූර්ය ගිනිදැල් ‘ඒ’ කාණ්ඩයට අයත් වන අතර, ‘එක්ස්’ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රබලත්වයෙන් වැඩි ඒවාය. නිකුත් වූ ගිනිදැල්ල ‘එක්ස් 9.05’ ප්‍රබලත්වයෙන් වැඩි ගිනිදැල්ලකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්යාගේ ශක්තිය නිශ්පාදනය වනුයේ එහි මධ්‍යයේ වන අතර එම ශක්ති තරංගයක් හිරු මතුපිටට පැමිණීමට වසර සියයක් පමණ ගතවේ. පුදුමය වන්නේ සූර්යාගේ මධ්‍යයයේ නිෂ්පාදනය වන ශක්තිය විනාශකාරී නොවන ලෙස පාලනය වන යාන්ත්‍රනයයි. එය වර්තමානයේ තාප පාලන ස්වීචයකට සමානවේ.