(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව නවගමුව පොලිසිය කියයි.
පාතාල නායකයාගේ ඝාතනය සැලවීමත් සමග නවගමුව, දැඩිගමුව සහ වදුරාමුල්ල ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි.
පුද්ගල ඝාතන ගණනාවක් සහ කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ ඉකුත් දහවෙනිදා ඇප මත නිදහස්ව පැමිණ ඇතැයි පොලිසිය කියයි.
කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඌරු ජුවා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාරය අසලට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදී පොලීසිය මග හැර පලා ගිය බව ද පොලිසිය පවසයි.
එම සැකකරු බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නවගමුව වඳුරාමුල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් කීය.
ඔහුගේ පෙන්වීම මත ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ,තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක් ,මෙන්ම අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත
තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන ඒ පින් එක කඩා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු ක්ෂණිකව එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව පොලිස් නිළධාරියා කියා සිටියේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි.
වැඩිදුර විස්තර පසුව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයෙන් එකෙක් හෝ අඩුවීම සතුටක්... ඒත් පොලිස් නාට්‍යයේ නම් පරණ පිටපතම තමයි... මුල් කොටස කියවන කොට අවසානය හිතාගන්න පුළුවන්...
පිටපතේ පොඩි අවුලක් තියෙනවා. බෝම්බේ පින් එක කඩලා පොලිසියට විසිකරන්න යනකොට වෙඩි තිබ්බා නම් පින් එක කැඩිච්ච බෝම්බය පත්තු වෙන්න ඕනෑනේ. මොකද වැඩි වෙනකොට බෝම්බය අත්හරිනවනේ.
හැමදාම එකම කතාවනේ. අහලා එපාවෙලා.. එදිරිමුණියාටවත් කියලා වෙන එකක් ලියාගන්න බැරිද?
සාමකාමී සමාජයට අහිතකර විෂබීජ ඉවත්කිරීමට සහභාගි වූ සියලුම නිලධාරීන්ට යහපතක්ම වේවා...!!!
මිනිසෙකුගේ මරණයක් හොඳයි ලෙස පැවසිය නොහැකි වුණත් මෙය ඉතාම සමාජ සාධාරණ ඝාතනයක්... මේ වගේ කාලකණ්ණි සහමුලින්ම විනාශ කළ යුතුයි.
ලක්ෂ 69 ගැන විශ්වාස තියන්න බැහැ.
මේ මොන විහිළුවක්ද?
දැන් ඔය පාතාල කාලකන්නියගේ නමට අපේ උන් කවි, ගීත ලියාවි. සෝක දුක් විලාප නගාවි, මානව හිමිකම් දෝර ගලාවි.
මොහු මැරුණු එක ගැන කිසිම කණගාටුවක් නැත. එය එසේ සිදුවිය යුතුයි. නමුත් කියන විදිහට අත් බෝමබයේ පින් එක කඩා හෝ ඇද තිබුණා නම් වෙඩි වැදුණු වෙලාවේ අතින් ගිලිහෙන බෝම්බය පුපුරන්න ඕනේ නේද? මම හිතන්නේ රම්බෝ වගේ පොලිස්කාරයෙක් පැනලා බෝම්බය අල්ල ගන්න ඇති. නැතිනම් බෝම්බය පුපුරලා ඔක්කොමල්ලා මැරෙන්න තිබුණා. ෂාහ් දක්ෂ පොලිස් ගොයියෙක්...
අලුත් චිත්‍රපටියක් ! ඩිරෙක්ටර් කවුද? මීට කලිනුත් ඔය වගේ චිත්‍රපටි කීපයක් බලලා තියෙනවා. හැබයි අපේ පොලීසිය නම් ඔය වාගේ වෙලාවට සැකකාරයාට මාංචු දාලා අරන් යන්නේ.
මධුෂ්ගෙන්ම අහන්න වෙනවා
මූට් වෙඩි තබා මරුව පොලිස් නිලදරියාට උසස් වීමක් ලබා දීමට කටයුතු කිරීම පොලිසියේ වගකීමකි. එසේම ලංකාව තුල සහ පිටත සිටින සියලුම පාතාල කල්ලි සාමාජිකයන්ද, ඔවුන් මෙහෙයවන උන්ද, මෙරට තුල මත්ද්‍රව්‍ය විකුනන, බෙදහරින, ගෙන්වන සියලු දෙනාවද මරා දමා මේ සමාජය යහපත් කිරීමට මෙම නිලදාරියාටද, එවෑනි සිතති අනෙකුත් නිලදරින්ටද ආරක්ෂාව, රැකවරණය ලැබේවා..
ඔය තියෙන්නේ විසඳුම්
ඉතාමත් දුක හිතෙන කතා එක දිගට ඇහෙන කාලෙක එහෙම නොවෙන කතාවක් ඇහුනා.
අපේ පොලිසියේ තවත් වීර ක්‍රියාවක්
ශ්‍රී ලංකා පොලීසියට මාගේ ආචාරය !
කිසිම පුද්ගලයෙක් මෙලෙස මිය යායුතු නොවේ .මේ ගොන් කතාව කවුරු නම් විශ්වාස කරාවිද? ජුවාට මාන්චු නොදම්මෙ මන්ද? පොලිසිය කරන අපරාද සාධාරණය කල යුතු නොවේ.
සමහර පාතාලකාරයන්ට,කුඩු ජාවාරම් කාරයන්ට දේසපාලුවන්ගේ ඇල්ම,බැල්ම තියෙනවා .උන් අතපය දිග හැරලා වියදම් කරන නිසා. ඒ වගේ උන් කොහොමටත් රැකෙනවා .
ඉතා හොද පුවතක්
අපරාධකරුවන්ට දඩුවම් ලබා දීම සිදුවිය යුත්තේ අධිකරණය මගිනි. මෙම සිදුවීම මෙහි සදහන් පරිදි කෙසේවත් සිදුවිය නොහැකියි. පොලිසියේ මෙම තත්ත්වය නිතරම අපි දැක ඇත්තෙමු. කිසිවෙක් මෙම තත්ත්වයන් අනුමත කරන්නේ නම් එය කණගාටුවට කරැණකි. අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන ක්‍රමයක් ශිෂ්ඨ සමාජයක පවති. දේශපාලකයන්ගේ අවශ්‍යතාවය මත දුෂිතයන් නිදහස් වන්නේ නම් හෝ පොලිසියේ අවශ්‍යතාවය මත අපරාධකරුවන් අත්අඩංගුවේදි මරණයට පත් වන්නේ නම් හෝ එය රටක අවාසනාවන්ත තත්ත්වයකි.
වර්ණකුලසූරිය, නිකං සුද්දවන්තයෙක් වෙන්න එපා. පොලිසිය රාජකාරිය කරයි.
ඊළඟට කොස්ගොඩ තාරක කියන්නේ ඇත්තද ?
මදුෂ්ව මරා දැම්මා.. දේශපාලකයින්ගේ හොර ජාවාරම් එළිකල නිසා. ආණ්ඩුවට පක්ෂව හිටියා නම් මෙයාව මරා දමන්නේ නැහැ. මේ මිනිහා වැරදි කළා නම් උසාවි දාලා නඩු අහන්න ඕනෑ.., මහ මඟ මිනිස්සු ආණ්ඩුවෙන් මරනවා කියන්නේ බොරුවක්. අද මෙයාට කළ දේ හෙට ඔබට හෝ මට මේ අය කරාවි...
පොලිසියට කිසිම නීතියක් නැතිව මෙහෙම මිනිස්සු මරන්න වෙලා තියෙන්නේ දේශපාලකයින් නිසා.. අපේ රටේ බොහොමයක් මදාවියෝ හැදුවේ දේශපාලකයෝ.. දැන් ඔය සමහරු මන්ත්‍රීලත් වෙලා ඉන්නේ..