(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් නොකිරීමට රජය තීරණය කර ඇත .
මේ මොහොතෙහි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ .
රට තුළ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් එහිදී පෙන්වා දී ඇත .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව එහිදී සඳහන් කර ඇත .
එසේ වුවද පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බැවින් සීමා නිර්ණ කටයුතු ආදිය ආරම්භ කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත .
මේ අතර කොරෝනා එන්නත් ප්‍රශ්නය හා රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත .
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් සභා ඡන්දය කල් යයි
ranjith Wednesday, 05 May 2021 02:12 PM
පළාත් සභා නම් වැඩක් නැති සුදු අලියෙක්... ඒත් ඡන්දයක් තිබ්බොත් ජනමතය බලන්න පුළුවන්..
sampath Wednesday, 05 May 2021 02:26 PM
කොරෝනා තිබුණත් නැතත් මැයි දිනේයි, පළාත්සභා ඡන්දෙයි ආයේ කවදාවත් තියන්න එපා. දෙකෙන්ම කාටවත් වූ සෙතක් නෑ.
Jagath Santha Arachchikettuwa Wednesday, 05 May 2021 04:21 PM
ඇති යාන්තන්...!!!
සුදු පුතා Wednesday, 05 May 2021 04:37 PM
පළාත් සභා ඡන්දෙ තිබ්බොත් බිමින් තමයි යන්න වෙන්නේ. ගියපාර ඇන්දාට ආය අදින්නේ නෑ. පාරෙ බැහැලා යන්න නෑ. 69ක් බයියන් දැන් සැපද අහනවා.. අපෙන්? ලැජ්ජයි අපිටම...