IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පළාත් රැසකට සුළඟින් දැඩි හානි

(කේ. බුද්ධික කුමාරසිරි,තිලකරත්න දිසානායක, එච්.එම්.ධර්මපාල සහ රංජිත් රාජපක්ෂ)

කොළඹ ඇතුළු රට පුරා ඇති වූ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වි ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථාන කියයි.

නිවාස රැසක වහලවලට දැඩි හානි සිදුව තිබේ. ගස් කඩාවැටීම නිසා විදුලි සැපයුමට දැඩි බාධා එල්ලවී ඇත. 

කොළඹ ප්‍රදේශ රැසක විශාල දැන්විම් පුවරුද මාර්ගවලට කඩා වැටිම නිසා ගමනා ගමනයට බාධා එල්ලවී ඇත.

දෙහිවල රාමනාදන් මාවත අධිවේග මාර්ගය අසල නිවසක් මතට  හෝටල් ගොඩනැගිල්ලක තහඩු සහිත විශාල වහලයක් ගලවාගෙන ඇවිත් වැටීමෙන් නිවසට දැඩි අලාභ හානි සිදුවී සිදුත තිබේ.

ගම්පහ - යක්කල මාර්ගයට විශාල ගසක් කඩා වැටිමෙන් එහි ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. පොලිසිය සහ නගර සභාව මැදිහත්ව අද උදෑසන වනවිට ගස් ඉවත්කරමින් සිටිති.

හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්‍රදේශයේ හරහා ඊයේ (29) රාත්‍රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළදී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 15 කට පමණ දැඩි ලෙස හානි වී ඇත.

එම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසාවෙන් ද හානි රැසක් සිදුව  ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.

එමෙන්ම මොරගහහේන ඉහල මිල්ලෑව උතුර ප්‍රදේශයේ නිවසකට සුළගින් දැඩි ලෙස හානි සිදුව ඇති අතර නිවසේ වහලයෙන් කොටසක්ම සුළගට ගසා ගෙන තිබුණි.

තවද එම ප්‍රදේශයේ ගස් කඩා වැටීම නිසාවෙන් විදුලිය විසන්ධි වී ඇති බවද ජනතාව පවසති.

ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට වෝට් 33000 අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක්, ගස් කඩා වැටී ගල් පරිවත කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (30) අලුයම 1:00 සිට ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

එම මාර්ගයේ හුළංවංගුව ප්‍රදේශයට මෙම ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති බවත්, එම තත්වය මත එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගට ඔස්සේ ධාවනය කරවන ලෙස නෝර්ටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නෝර්ටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් නෝර්ටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

 

(බුද්ධික කුමාරසිරි)

(එච්.එම්.ධර්මපාල)

(රංජිත් රාජපක්ෂ)



අදහස් (0)

පළාත් රැසකට සුළඟින් දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site