IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ

පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල අද (8) හම්බන්තොට නගරයේ වෙරළ තීරයේ එම තරගාවලිය වෙනුවෙන්ම ඉදිකළ ක‍්‍රීඩාසංකීර්ණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ මස 14 වැනිදා අවසන් වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උළෙල අද පස්වරු 7.00 සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. තරග ආරම්භ කරමින් අද රාත‍්‍රි විදුලි ආලෝකය මධ්‍යයේ වෙරළ වොලිබෝල් තරග පැවැත්වීමට නියමිතය. ක‍්‍රීඩා 10 කින් සමන්විත මෙම තරගාවලියට සහභාගි වී සඳහා රටවල් අටක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 500 ක ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටිති. තරගාවලිය සඳහා හම්බන්තොට වෙරළ තීරයේ අලංකාර ක‍්‍රීඩාසංකීර්ණයක් ඉදිකර තිබේ. එහි ඉදිකර ඇති පැසිපන්දු පිටියට විශේෂ ස්ථානයක් හිමිවේ. සාමාන්‍ය පැසිපන්දු පිටියක හරි අඩකින් එනම් එය මීටර 15-14 ප‍්‍රමාණකින් යුක්තවේ. වැලි තලාව මත අගල් තුනක පමණ උස, අගල් 3-3 ප‍්‍රමාණයේ කොන්ක‍්‍රිට් කැබලි අතුරා ඊට උඩින් අලංකාර ප්ලාස්ටික් අතුරණයක් එලා තිබේ. එම කොන්ක‍්‍රිට් කැබැල්ලක් කිලෝග‍්‍රෑම් 25 ක් පමණ බරකින් යුත් බව ද සේවකයෝ පැවසූහ. එම ප්ලාස්ටික් අතුරණය අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ (FIBA) නියෝජිතයකු ශ‍්‍රී ලංකාවට රැනෙවිත්, සවිකර තිබේ. මෙවැනි පැසිපන්දු ක‍්‍රීඩාංගණයක ශ‍්‍රී ලංකාවේ තරග පැවැත්වෙන පළමු අස්ථාව ද මෙය වේ. මෙම තරගාවලියේදී පැසිපන්දු කණ්ඩායමකට ක‍්‍රීඩකයන් සිවුදෙනකු ඇතුළත් වන අතර වරකට තිදෙනකුට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. මෙහිදී ඇතැම් සාමාන්‍ය පැසිපන්දු නීති රීති වෙනස් කර තරග පැවැත්වෙන බව ද ශ‍්‍රී ලංකා පැසිපන්දු පිලේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (7) පුහුණුවීම් සැසිවලට සහභාගි වූහ.  ආරක්‍ෂක අංශ සාමාජිකයන්, හම්බන්තොට බන්ධනාගාරයේ රැදවියන් ඇතුළු සේවකයෝ ක‍්‍රීඩාසංකීර්ණය ඉදිකිරිමේ කටයුතුවල ඊයේ (7) නිරතව සිටියහ. මෙම තරගාවලියට පැසිපන්දු, පාපන්දු, අත්පන්දු, කබඩි, දැල්පන්දු, වොලිබෝල්, ජීවිතාරක්‍ෂක, පිහිනුම් (පිරිමි), රුවල් ඔරු සහ වින්ස්කේටින් යන ක‍්‍රීඩා ඇතුළත් වේ. තරගාවලියේ සමාප්ති උළෙල කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 14 වැනිදා පැවැත්වේ. හම්බන්තොටදී ඊයේ (8) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක‍්‍රීඩා උළෙල සඳහා සියලූම කටයුතු සූදානම් බවයි.



අදහස් (0)

පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 795 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site