IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පළාත් පාලන කොමසාරිස්ගේ බලය ගැන අභියාචනාධිකරණ මතය 15 වැනි දා කියයි

(රන්ජන් කටුගම්පොල)

සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට හෝ විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාට බලය තිබේද? නැද්ද? යන්න පිළිබඳව තීන්දුව ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාශයට පත්කරන තෙක් අදාළ ප්‍රාදේශීය සභාවල තනතුරු සඳහා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා ඡන්ද විමසීම් නොපවත්වන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට උපදෙස් දීමට නීතිපතිවරයා එහිදී එකඟත්වය පළ කළේය.

සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුලු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරු සහ උපසභාපතිවරුන් තෝරා ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමෙන්   පළාත් පාලන කොමසාරිස්වරුන් වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙසේ දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවිණි.
 



අදහස් (0)

පළාත් පාලන කොමසාරිස්ගේ බලය ගැන අභියාචනාධිකරණ මතය 15 වැනි දා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site