
(නිමල කොඩිතුවක්කු)
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
හෝමාගම ප්‍රදේශයට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සොත් නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්.
මෙච්චර පෑවිල්ලක් තියෙන හින්දා ඉතින් වතුර කපන්න වෙයි වගේ...
අයියෝ... අපේ පැත්තටත් පැය ගාණක ඉදන් වතුරත් නෑ... ලයිටුත් නෑ.
ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්න. වටිනා සම්පතකි ජලය...
කොච්චර පෑව්වත් ජල සම්පත අතින් අපරටේ සක්‍රීයව තියෙනවා.