IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

 

ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ.

 

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් වෙහෙසට පත් කරවීම ඇතුළු කාරණා රැසක් මෙම කමිටුවේදී සාකච්ඡාවට බඳුන්වී ඇත.

 

(36698)



අදහස් (19)

පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස්

Amila Thursday, 25 October 2018 10:50 AM

ඕක ඇත්තටම ළමයින්ගේ ළමා කාලය විනාශ කරන විභාගයක්. සමහර දෙමාපියෝ හතර වසරේ ඉදන්ම ළමයි පන්ති අරන් ගිහින් මොළය විනශ කරනවා. ඕක අයින් කරලා, සාමන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ගමවල් වල ළමුන්ට අවස්ථාවක් ක්‍රමයක් තමයි ඕන.

:       1657       2145

ajith Thursday, 25 October 2018 10:50 AM

වරප්‍රසාද ලත් පිරිසක් පහේ ශිෂත්වයට විරුද්ධ වෙන්නේ , ගම් වල ළමයින්ට වඩා හොඳ පාසලකට යන්න තියෙන අවස්ථාව නැති කරන්නයි . බොරු හේතු පෙන්වා කිබුල් කඳුළු හෙලනවා. හැමෝටම උසස්පෙළ දීමේත් අරමුණ ඕකමයි. පසුගියවර A නවය ගත් ගමේ බොහෝ දෙනෙකුට පාසල් දුන්නේ නැහැ ජාතික පාසල් වල ඉඩ නැහැ කියල

:       2454       2390

MuhanThursday, 25 October 2018 11:44 AM

මේකෙන් කිසිම වරප්‍රසාදයක් අයින් කරලා නොවෙයි. කැමති කෙනෙකුට ක‍රන්න පුළුවන්

:       1       2

sampathThursday, 25 October 2018 01:21 PM

මමත් ශිශිෂ්‍යත්වයෙන් සමත් වෙලා කොළඹ පාසලකට ගිය කෙනෙක්. පාසල් වල ඇති හොද කමක් නැහැ. ලංකාවෙන් හැම පැත්තකින්ම දක්ෂ ශිෂ්‍යයෝ ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා ඒ පාසල් වල ඉගෙනගන්නවා. එම ශිෂ්‍යයෝ ලබාගන්න උසස් ප්‍රතිපල නිසා මිනිස්සු හිතන්නේ පාසල හොදයි කියලා. පහේ ශිෂ්‍යත්වයෙන් දක්ෂයෝ ටික ඔය පාසල් වලට නොගියානම් බලාගන්න පුළුවන් ඔය පාසල් කියන තරම්ම උසස්ද කියලා.

:       1       2

SamanThursday, 25 October 2018 03:07 PM

රෝයල්, විශාඛා ළමයි මේකට වාඩි කරවන්නෙ විභාගය අනිවාර්‍ය නිසා මිසක් වෙන මොකටද ?

:       1       2

sanjeeva Thursday, 25 October 2018 10:55 AM

ලොකු පිනක් කරගන්නේ. මේ මනස්ගාත විභාගේ නිසා අපේ ළමයි මෝඩ වෙනවා. පාසල් යන්නේ පාඩම් කරන්නේ විභාගේ පාස් කරන්නනේ. එතැනින්ම මෝඩ වෙන එක පටන් ගන්නවා. අනික තමයි මේ විභාගේ ළමයින් ලියන්නේ ඒගොල්ලොන්ගේ අම්මලා වෙනුවෙන්නේ. ජපානයේ පලවෙනි වසර 3-4 වෙනකල් කිසිම විභාගයක් නැහැ. පෞරුෂත්වය වැඩීම, නායකත්වය, කණ්ඩායම් හැඟීම, සහකම්පනය ( empathy ) වගේ ප්‍රායෝගික දේවල් තමයි එහෙ පොඩි අයට පුරුදු කරන්නේ .

:       0       4

saman Thursday, 25 October 2018 11:06 AM

ඕක ගිය ආණ්ඩුව කාලේ බන්ධුල මහත්තය ගේනකොට කෑ මොර දුන්න උදවිය දැන් මොකද කියන්නේ?

:       6       1

lakmal Thursday, 25 October 2018 11:07 AM

චක්‍රලේඛය පමණක් නොව, මුළු ශිෂ්‍යත්ව විභාගයම අවලංගු කළ යුතුයි.

:       0       2

එම්.ඒ.ජේ Thursday, 25 October 2018 11:42 AM

ඉතාම අපුරු තිරණයක්, අධ්‍යාපන ඇමතිතුමාට බොහෝම ස්තුතියි!! රටේ මිනිස්සුන්ගේ තරගයට අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොකර මෙවැනි තිරණ ගැනීම ඉතාම යහපත්. මේ ආකාරයටම ඉදිරියටම යමින් රටේ තිබෙන ඊනීයා අධ්‍යාපන තරගය නැති කරන්න! සියලුම විභාග නැති කර දමන්න! දරුවාගේ පාසල් සමය පිඩනයකින් තොරව අවසන් කර නිරෝගි රට වැසියකු රටට දායද කරන්න!

:       0       2

ranga Thursday, 25 October 2018 11:54 AM

මේ විභාගය ළමයින් විනාශ කරන විභාගයක්, අවසානයේ රටට හිමිවන්නේ කෘත්‍රිම ළමා පරපුරක් විතරයි

:       0       2

channa Thursday, 25 October 2018 11:55 AM

මේක බලල තියෙන්නේ 645. ලයික් සහ ඩිස්ලයික් 3500

:       0       0

rohana Thursday, 25 October 2018 12:55 PM

ඔය කෙහෙල් මල් 5 ශිෂ්‍යත්වය නිසා දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට අහිමි වෙනවා. මොලයක් තියෙනවානම් බලන්න දැන් ළමයි පොතට සිමා වෙලා ( මගේ ළමයින්ද ඇතුළුව) අඩුම ගානේ සරුංගලයක් හදාගන්න බැහැ.......... ඒකත් සල්ලි වලට ගන්න තමයි බලන්නේ. වේලක් නියරක් කුඹුරක් අඳුරන්නේ නැහැ. සෙල්ලම් කරන්නේ නැහැ අම්මයි දරුවයි 3 වසරේ ඉඳල 5 ශිෂ්‍යත්වේ ට ලැහැස්ති න්වෙනවා . මේක නවත්වන්න තිබුණේ අද නෙවෙයි දැනට අවුරුදු 15 - 20 කට කලින් බොහොම හොඳ දෙයක් මේක නැති කරපු එක.

:       1       5

මාලින්ද රණවීර Thursday, 25 October 2018 12:59 PM

මෙම විභාග නිසා ළමුන් හට විශාල වශයෙන් අසාධාරණකම් සිදුවනවා. සාදන මට්ටම් අඩු පාලත් වලට වැඩි සාදන මට්ටම් ඇති පලාත් වල සිසුන් නිතියානු කුලවම පැමිනිම නිසා. සරසවි වරම් අඩු සාදන මට්ටමේ පාලත් වල සිසුන් හට විශාල වශයෙන්යේන් අහිමි වෙනවා..

:       1       0

සතයපාල Thursday, 25 October 2018 01:33 PM

පහේ ශිෂත්වය විභාගය තුලින් ළමයින්ගේ ඉරණම විසදෙන ප්‍රතිශතය ඉතාම අල්පය. පහේ ශිෂත්වය ඉහලින් සමත්වෙලා ජාතික පාසැල්වලට ඇතුලත්වෙලා සා.පෙ හෝ උ.පෙ අධ්‍යාපනය අවසන් කරගත් බොහෝ පිරිස් ඉන්නවා. ඒ වගේම පහේ ශිෂත්වය අසමත්වී විශ්ව විද්‍යාලට පිවිස උසස් අධ්‍යාපන හදාරා ඉහල තනතුරවල ඉන්න පිරිසද අනන්තය. ඒ නිසා පහේ ශිෂත්ව විභාගය මතම රැදෙන්නේ නැතිව රටේ සියලුම පාසැල් දරුවට ගුණාත්මකව සමාන අධ්‍යාපයක් ලබා දීමටත් නිදහස් අධ්‍යාපනය වචනයේ අරුත අනුවම සැබැ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ලෙස පවත්වා ගැනීමත් තමයි වැදගත් වෙන්නේ.

:       1       3

kalpa Thursday, 25 October 2018 01:54 PM

ශිෂ්‍යත්වය ඇතත් නැතත් විදුහල්පතිලා ඔවුන්ට අවශ්‍ය අය කෙසේහෝ ජනප්‍රිය පාසැල්වලට ගන්නවා. උදාහරණයක් ලෙස මගේ බිරිඳ ගුරුවරියක්. ඇය උගත්තේ මේ ප්‍රදේශයේ දැනට ජනප්‍රිය විදුහලක. අපේ දුව මෙම පාසලට යාබද ප්‍රාථමිකයේ 5 ශිෂ්‍යත්වයට පෙනී සිටියා. නමුත් හිටපු විදුහල්පති මගේ දුව එම පාසැලට නොගත්තත් අපේ දුවට අඩුවෙන් ලකුණු ගත් අපේ දුවගේ යෙහෙලිය එම පාසැලට ගත්තා. අධ්‍යාපන සේවයේ අයට වරප්‍රසාද දෙනවා කිව්වත් එයත් නැහැ. අපේ දුව සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුනත් උසස් ‍පෙළ පංතියට ගත්තෙත් නැහැ. ශිෂ්‍යත්වය පමණක් නොව අධ්‍යාපන ක්‍රමයම වෙනස් විය යුතුයි.

:       1       1

lalith Thursday, 25 October 2018 03:34 PM

චක්‍රලේඛන ගහනවයි එව්වා අවලංගු කරනවයි ඇරෙන්න ආව දවසේ ඉඳල අලුතින් එක පාසලක් ඇරියද වැඩි වන ජනගහනයට අනුව. නිකන් සංදර්ශන විතරයි.

:       1       0

ගලබොඩ ඇත්තේ චමින්ද Thursday, 25 October 2018 03:35 PM

ගරු ඇමති තුමනි, කාලෝචිත පියවරක්. මෙම රජය කල හොඳම දේ පාසල් අධ්‍යාපනය ගැන උනන්දු වෙලා වැරදි නිවැරදි කිරීමයි. වසර 13ක් පාසැල අනිවාර්ය කිරීම සහ සිසු රක්ෂණ ක්‍රමය ආදී දේ නිසා දෙමාපියන් ලෙස සතුටු විය හැකියි. ලංකාවේ බිහිවූ ප්‍රායෝගිකම අධ්‍යාපන ඇමති තුමා ඔබයි.

:       1       3

Campaign for productive education Thursday, 25 October 2018 04:19 PM

අම්මලාට ඒ කාලේ පාස් කර බැරි විභාගේ අහිංසක දරුවන් ලවා කරවා ගන්න උගුලක්

:       1       2

asoka Thursday, 25 October 2018 05:40 PM

මෙවර ප්‍රථම වතාවට A නවය ගත්ත ගමේ දරුවන් බොහෝ දෙනෙකුට නෙවෙයි 95% කටම උසස් පෙළට ජාතික පාසල් වරම් දුන්නේ නැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 3 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 137 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 363 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 277 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 178 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 664 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1388 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site