(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු සිද්ධියෙන් මිනිත්තු තිහක් ඇතුළත සොරාගත් බස් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි .
හෝමාගම - පිටකොටුව බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී එක්වරම බස් රථය පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇතැයි පැවසේ.
ඒ බව එම බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමග ඔහු ක්ෂණයකින් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් තිබේ.
මේ යන අතරතුරදී සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට හා බස් රථයේ හිමිකරු ගේ හිතවතුන්ට දන්වා බස් රථය සෝදිසි කරමින් ගොස් ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරීන් ද බස් රථය ලුහු බදිමින් ගොස් තිබේ.
මේ අතරතුරදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බව එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබේ.
එම අවස්ථාවේ දී රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වීමත් සමඟ තවත් පුද්ගලයකුගේ මාර්ගයෙන් බස් රථයේ හිමිකරුට ඒ බව දන්වා තිබේ.
ඒ අනුව බස් රථයේ හිමිකරු පොලීසියද සමඟ එම ස්ථානයට පැමිණ බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙක් බසයක් උස්සති
චාමික Saturday, 18 June 2022 01:19 PM
යකෝ මේ අය කරන වැඩ. බස් එක උස්සලා තියෙන්නේ දන්සැලට යන්නද? තෙල් ගන්නද?
De silva Saturday, 18 June 2022 06:43 PM
ජොලියට රවුමක් යන්න....
Bamunuarachchi Sunday, 19 June 2022 03:56 PM
ළමයි පොඩි කාලේම අර්නෝල්ඩ් සුබසිංහ වෙලා...! නරකද ඇමරිකන් සිනමාවේ රඟපෑමක් ඉල්ලා ගත්තොත්. දැන් ආර්නෝල්ඩ් සුබසිංහ වයසයි බස් උස්සන්න බැහැ...