IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පොහොර නැවත් ප්‍රමාද වෙයි

(ඩයනා උදයංගනී)

මෙරටට පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව පැමිණීම ද ප්‍රමාද වී ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉන්දීය රජය හරහා ඕමානයේ සිට පොහොර මෙටි්‍රක් ටොන් 40,000ක් ගෙන එන නෞකාව අච (5) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් මුහුදේ පවතින කුණාටු තත්වය හේතුවෙන් එය පැමිණීම ලබන සෙනසුරාදා (9) දක්වා කල්ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ පොහොර මෙටි්‍රන් ටොන් 65,000 ක ප්‍රමාණයෙන් පළමු තොගය මෙලෙස පැමිණීමට නියමිත් අතර එය ආ සැණින් බෙදාහැරීම් ආරම්භ කරන බව කී ඇමතිවරයා එය යල කන්නයේ වී වගාවට ලබාදීමට ප්‍රමාණවත් බව ද කීය.

ඉතිරි පොහොර මෙටි්‍රක් ටොන් 25,000ක් රැගත් නැව ද නුදුරේදීම පැමිණෙන බව කී ඇමතිවරයා එය ප්‍රධාන වශයෙන් බඩඉරිඟු ගොවීන්ටත්, යම් ප්‍රමාණයක් තේ ගොවීන්ටත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

මේ වන විට වෙළඳපලේ රුපියල් 40,000ක් වන යූරියා මිටියක් වී හා බඩඉරිඟු ගොවීන්ට රුපියල් 10,000 බැගින් ලබාදෙන බව කී ඇමතිවරයා අනෙක් වගාවන්ට අවශ්‍ය සහය දීම ගැන සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (7)

පොහොර නැවත් ප්‍රමාද වෙයි

ravin Tuesday, 05 July 2022 04:45 PM

හානේ, පොහොර නැවත් තෙල් පෝලිමේද?

:       0       0

Hafeel Tuesday, 05 July 2022 05:13 PM

වැඩි කොටස යාවි චමල්ට සහ මහීපාල වගේ දුප්පත් ගොවීන්ට.

:       0       0

ranjith Tuesday, 05 July 2022 05:39 PM

කුණාටුවකින් ඔහෙලා ගසාගෙන යනවා නම් හොඳයි. ජනතාව ගොනාට අන්දන්න හදනවා... බොරු බේගල් කියමින්... කියන්න මොනවා හරි ගොත ගහනවා. මුහුදේ කුණාටුව...?

:       0       0

chandima Tuesday, 05 July 2022 06:03 PM

රනිල් විධායක බලය දෙනකල් ඕවා පරක්කු වෙන බව අපි දන්නවා. රටේ මිනිස්සු එකාපිට එකා මළත් එයාට ඕනෑ රජවෙන්න.

:       0       0

Ratne Tuesday, 05 July 2022 09:05 PM

මේ බොරු දින දීල, ප්‍රමාද වීමේදී බොරු හේතු දැක්වීමක්. මෙයා තව ඛනිජ තෙල් ඇමති කෙනෙක් වගේ.

:       0       0

Yaka Wednesday, 06 July 2022 05:05 AM

තේ වලට මොකද වෙන්නෙ?

:       0       0

දාස Wednesday, 06 July 2022 07:39 AM

කරුණාකර තොලොංචි වෙලා යන්න..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site