පස්සර ගෝනකැලේ වතුයායේ ආගමික ස්ථානයක දී ඇතිවූ ගැටුමක දී පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගැමියෝ කියති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ මේ ගැටුමේ දී පොලීසියේ තිදෙනකු ද තුවාල ලබා ඇති බවයි. ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි. පොලීසියේ තිදෙනා ද පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තුවාල ලැබූ ගැමියා ද සමග බදුල්ල රෝහලට මාරුකැර යවා ඇත.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස්සර ගැටුමකට පොලිස් වෙඩි
නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 04:41 AM
මේ වගේ අවස්ථාවල ඔය වතු වල අය බොහොම සාමකාමීව නීතිය රකින්නේ නැහැ. වෙඩි තිබ්බේ නැත්නම් අද තුවාල කාරයො නෙවෙයි මරන තමයි දකින්න ලැබෙන්නේ. එහෙම වුනා නම් අයුධ තියාගෙන ඇයි බලාගෙන හිටියෙ කියාවි. (නදී)
කුමාරි Sunday, 10 August 2014 06:19 AM
දැන් ඉන්න ගොඩක් මිනිස්සු නීතියට යටත් නැහැ.පොලිසිය කියන දේ අහන්නෙ නැහැ.මිනිසුන් නීතිය අතට ගන්න ගියාම මේ වගේ දේවල් වෙනවා.හැමෝම ඉක්මන් වැඩියි. (නි)
චමත් ඉතාලිය Sunday, 10 August 2014 06:57 AM
අනේ ඉසුරන්දි, ඔයාගේ කෙනෙක් ඔය උද්ගෝෂණයේ ඉඳලා වෙඩි වැදුනා නම්... (නි)
චමින්ද Saturday, 09 August 2014 10:21 PM
මොන වගේ ආගමික ස්ථානයක්ද මේක.......? (නි)
පිටබැද්දර ජයා Saturday, 09 August 2014 10:26 PM
මේ අදහස් දාලා තියෙන කවුරුවත් දන්නවද මේ සිදුවීම ගැන හරියටම? (නි)
ඇන්ඩ්‍ර Sunday, 10 August 2014 12:36 AM
හොද වෙලාවට මේ වෙලාවේ අහස් යානයක් ඉහලින් ගියේ නැත්තේ. නැතිනම් MH 17 අහස් යානයට වුනු දේ තමයි වෙන්නේ. පිටබැද්දර ජයා, අපි අදහස් දාන්නෙ මේකේ තියෙන වාර්තාව බලලා. නැතුව එතනට ගිහින් විමර්ශනයක් කරලා නෙමෙයි.(අ)
කසුන් Sunday, 10 August 2014 02:05 AM
අහසට වෙඩි තියලා කෙනෙක් තුවාල වුණේ කොහොමද මන්දා (නි)
ක්‍රිෂාන් දිසානායක Sunday, 10 August 2014 03:05 AM
ඉලක්කයට අහසටවත් ඩෙඩිතියලා නැද්ද එතකොට? කොහොමද තුවාල සිදුවුණේ? (නි)
රොහාන් Sunday, 10 August 2014 09:43 AM
මේ ගැටුමට සම්බන්ද සිවිල් පුරවැසියන් ලග ආයුද තියෙන්න පුළුවන්. ගිනි අවි,මල්ටි බැරල් රොකට් ලෝන්චේර්,මිසයිල විදින වැනි දේ සිවිල් පුරවැසියන් ලග තිබිම ඉතා භයානකයි. අනේ මේ අය ඉක්මනට ආයුද පෙන්නන්න එක්කගෙන යන්න.(නදී)
ප්‍රනාන්දු Sunday, 10 August 2014 04:19 AM
මොකක්ද හේතුව? මට තේරෙන්නේ නැහැ අහසට වෙඩි තැබුවහම මිනිසුන්ට වදින්නේ කොහොමද? (නදී)
උදය Sunday, 10 August 2014 04:21 AM
අහසට තියපු වෙඩිල්ල අහසේ ඉදන් රවුමට කැරකිලා ඇවිත් අර මනුස්සයට වැදුනා (නදී)
සහීර් Saturday, 09 August 2014 03:21 PM
අහසට තබන වෙඩිල්ලේ තරම නම් හොඳට පේනවා. (අ)
ඉසුරන්දි Sunday, 10 August 2014 04:25 AM
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ.පොලිස් බලතල රටේ ජනතාව අතට ගන්නවා නම් එක බරපතල වරදක්.(නදී)
රූපවතී Sunday, 10 August 2014 10:51 AM
මමත් හිතන්නේ ..සාමාන්‍ය වැසියෝ සේරමලා "ඉස්නයිපර්ස්ල" ..සේරමලා ඉදල තියෙන්නේ ගස් උඩ ඔත්තු බලමින් (නදී)
රජීව Saturday, 09 August 2014 03:44 PM
මෙයාල මොනවා හරි කියලමාරු වෙයි. (අ)
චමත් ඉතාලිය Saturday, 09 August 2014 04:08 PM
පොලිසිය අහසට වෙඩි තියන වෙලාවේ ඒ මනුස්සයා ඉදලා තියෙන්නේ පොල් ගහක් උඩ පොල් කඩ කඩා ..පවු.... නේ....ද? (අ)
මන්ජු 2 Saturday, 09 August 2014 05:05 PM
මේ එතකොට ඒ මනුස්සයා අහසේද ඉදලා තියන්නේ?නැත්තම් අහසට තියපු වෙඩිල්ල අහසේ ඉදන් රවුමට කැරකිලා ඇවිත් අර මනුස්සයට වැදුනද?අර මෝටර් සයිකලයෙන් යද්දී පපුවට වැදුන වගේ .කවුරු හරි දන්නවනම් පැහැදිලි කරනවද? (දී)
ඉන්දික Saturday, 09 August 2014 05:33 PM
චමත්ගේ කතාව නම් නියමයි.මට තාමත් හිනාව නවත්වගන්න බෑ (දී)