(අනීෂා මානගේ)
පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග කියයි.
රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි දැරියක පාසලේදී හදිසියේ අසනීප වී තිබේ.
පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට පාසල් නිලඇඳුමෙන්ම තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. දැරියගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඇයට ශල්‍යකර්මයක් සිදුකර බිළිදා බේරාගෙන තිබේ. මේ පිළිබදව රෝහල් බලධාරින් හුංගම පොලිසියද දැනුවත් කර ඇත.
අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද බිළිදා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු විසින් රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු බව පොලිසිය කියයි. මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.