IMG-LOGO

පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී

(සිසිර කැලේගම)

පලා කැඩීමට පොල්පිතිගම හාතිගමුව මහ වැවට ගිය පුද්ගලයකු  එරී සිටියදී  බේරාගෙන රෝහල්ගත කළ බව   පොල්පිතිගම පොලිසිය කියයි.

එම ප්‍රදේශයේ පදිංචි  මෙම තැනැත්තා අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව පොලිසිය පැමිණ සොයා බැලුවත් හමු වී නැත.

මෙම තැනැනත්තා 42 වන වියේ පසුවන අයෙකි. කලක් හමුදා සේවයේ සිටි නිලධාරියෙකි.

දැනට මානසික අසනීපයකින් පසුවන ඔහු හාතිගමුව මහ වැවට කංකුන් දලු කැඩීම සඳහා ගිය අවස්ථාවේ  මඩේ එරී ඇත. 

ඔහුගේ අතක් කිසියම් සතකු විසින් සපා කා තිබෙන අතර එය කිඹුලකු විසින් සපා කා ඇති බවට අනුමාන කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාලකරු ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. 

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් සේවකයෙක් පැවසීය.

 



අදහස් (2)

පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී

Bunny Preena Saturday, 02 September 2023 09:56 AM

මානසික රෝගියකු සිටින පවුල්වල අය මුලදී එවැනි රෝගීන් ගැන හොඳ අවධානයෙන් සිටියත් පසුකාලිනව එම තත්වයෙන් මිදී කටයුතු කිරීම මෙවැනි දේවල් සිදුවීමට ප්‍රධානතම හේතුවයි.

:       1       16

සීලරතන Sunday, 03 September 2023 12:30 AM

ඉතිං මඩේ එරෙනකන් කන්කුන් කැඩුවාද, අනික ගෙදර හරි කාටහරි call එකක් දෙන්න තිබුනේ නැද්ද? ගෙදර නොකියා කන්කුන් කඩන්න ගියාද? මේ වගේ අසනීප අය කංකුන් කඩන්න යවන්නේ ඇයි. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site