
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කඩුවෙල පොලිසිය අසලදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා ගිය රාත්‍රී සමාජ ශාලා හිමිකරුට අයත් මෝටර් රථය බෝමිරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ඊයේ (11) රාත්‍රී සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
මෝටර් රථයේ සොයාගෙන ඇත්තේ සැකකරු සිය මවගේ නිවසේ මෝටර් රථය සඟවා තිබියදීය.
සැකකරු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොස් ඇති අතර ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවකු බවත් පොලිසිය කියයි.
කඩුවෙල වැලිවිට 8 කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ සමාජ ශාලා හිමිකරු මිතුරුකමක් පවත්වාගෙන යන අතර ඉකුත් 9 රාත්‍රී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව කාන්තාව තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම ලිපිනය සොයා යාමේදී පිටස්තර පුද්ගලයකු එම ස්ථානයේ නොවීම හේතුවෙන් පොලිස් නිලධාරින් නැවත පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් වෙඩි මැද පලා ගිය රිය බෝමිරියේ නිවසක සඟවලා