IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

ස්කෝපියෝ  වර්ගයේ ජිප් රථයක් පොලිස් ස්ථානාධිපතිවරුන්  භාවිතා කරන   ජීප් රථයක් ආකාරයට සකස්කර ගංජා සහ මත් කුඩු ප්‍රවාහනය  කළ සැකකරුවෙකු කලුතර බෝඹුවල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් ඒකකයේ විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

පොලිස්  ජීප් රථයකින් මෙම නිවසට ගංජා සහ මත්කුඩු   ප්‍රවාහනය කරන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු ජිප් රථය වෙනත් පුද්ගලයකුගෙන් මෙම ජනවාරි මස මිලදී ගෙන ඇති අතර කළු පාට වර්ණයෙන් තිබූ එම ජීප් රථය නීති විරෝධී ලෙස නිල්පාටින් වර්ණ ගන්වා, පොලිස් ජිප් රථයක් ආකාරයට සකස් කර, ගමන් කථන පවා සවිකර තිබූ බව පොලිසිය පවසයි.

මාර්ග බාධක එක දීපු වුවද සැක නොහිතන ආකාරයට සැකකරු පොලිස් ජිප් රථයක් ආකාරයටම මෙය සකස් කර තිබූ බවද පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකරු බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 25 බවත් මත්කුඩු ජාවාරම සහ ගංජා ප්‍රවාහනය සම්බන්ධයෙන් නඩු රැසක්ම ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දොඩංගොඩ පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site