
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
පොලිස්පති ධුරයේ ගැටළුව කඩිනමින් විසඳන ලෙසටද එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ(29) පෙරවරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී සාකච්ඡා කළ බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’පොලිස්පතිවරයකු පත් කරන්න’’
sirimal Tuesday, 30 July 2024 04:47 PM
විධායකය සහ අධිකරණය අතර සීතල යුද්ධයට ජනාධිපතිවරයා වගකිය යුතුය. නීතිමය ප්‍රතිපාදන නැතිබව පවසමින් කරබාගෙන සිටීම ජනාධිපති වරයකුට තබා සාමාන්‍ය පුරවසියකුටවත් නොගැලපෙයි. තම මතය ජයග්‍රහණය කරවීමට රටක් බිල්ලට නොදී නිහතමානී ශක්තිවන්තයකු ලෙස ක්‍රියා කළ යුතුව ඇත. අවශ්‍ය නීති පනවා ගැටලුව නිරාකරණය කිරීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැක.
නිලන්ත Tuesday, 30 July 2024 04:56 PM
දැන් ඉතින් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පති පත්කළාම ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරන්න බැහැ..
Prabath Tuesday, 30 July 2024 04:57 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. දන්නේ නැතිනම් කට වහගෙන ඉන්න.
රනේ Tuesday, 30 July 2024 05:06 PM
ඔයාටත් දිනන්න ඕනෑ නම් දාන්න. නැත්නම් කමක් නෑ පස්සේ කරගන්න බැරියෑ..
සිල්වා Tuesday, 30 July 2024 05:21 PM
ආර්ථිකය ගොඩ ගත්තා යයි කියන ජනාධිපතිවරයාට පොලිස්පති ගැටළුව විසඳීමට පියවර ගැනීමට නොහැකිවීම පුදුම සහගතයි.
chandima Tuesday, 30 July 2024 05:32 PM
සමහර වෙලාවට රනිල් නීතීඥ විභාගය පාස් කිව්වට පාස් නැතිව ඇති. ඒකයි නීතිය නොදන්නේ...!
ChethanaTuesday, 30 July 2024 08:18 PM
හිටපු ජනාධිපති සිරිසේන රනිල් අගමැති කමෙන් ඉවත්කර මහින්ද අගමැති කළාම රනිල් නීතිය ඉදිරියට ගියේ නීතිය පෙන්වා දෙමින් තමයි... ඉතින් ඔහුගේ තර්ක අධිකරණය පිළිගත්තා...
C.K.Lankaputhra Tuesday, 30 July 2024 05:56 PM
රජ්‍ය සේවයේ යම් යම් රාජකාරි සඳහා අවශ්‍යම පුද්ගලයින් ඇති නමුත් නැතිවම බැරි හෝ අත්‍යාවශ්‍යම පුද්ගලයින් කියා කොටසක් නැත. ජනාධිපති වරයා මේ එක විශමාචාර රැසකට චෝදනා ලැබූ එක පුද්ගලයෙක් මත්තේ නැහෙන්න දඟලන එක අපට නම් කිසිසේත්ම නොතේරේ...
අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 06:13 PM
පොලිස්පති ඇතුව හෝ නැතුව ඡන්දය කරන්න මැතිවරණ කොමිසම සූදානම් වෙන්න. එහෙම නැතුව පොලිස්පති නැතිව බැහැ වගේ නම් පීචන් ගාන්න සූදානම් වෙන්න එපා.
fairoos Tuesday, 30 July 2024 06:15 PM
කවුද කිව්වේ? පොලිස්පති නැතිව ඡන්දෙ තියන්න බැරිද?