IMG-LOGO

පලාබද්දල වනජීවී නිලධාරීන් 4 කට කෙරෝනා

(අජිත්ලාල් ශාන්තඋදය)

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර, ශ‍්‍රී පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්‍ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ‍්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ කියයි.

මේ සම්බන්‍ධයෙන් සමනළ ස්වභාව රක්‍ෂිතභාර අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතාගෙන් විමසූවිට ඔහු ද තහවුරු කලේය.

සෙම්ප‍්‍රතිශ්‍යාව තිබූ සිය කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙක් හදිසි රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකට යොමුකළ අවස්ථාවේ ඔවුන් සිවු දෙනාම පොසිටිව් වූ බවද සියාසිංහ මහතා කීවේය.

ඒ අනුව ඔවුන් සිව් දෙනා බෙලිහුල්ඔය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය බවත් තමන් ඇතුලූ කාර්ය මණ්ඩලයේ සෙසු දහදෙනා කාර්යාල පරිශ‍්‍රය තුල ලබන 02දා තෙක්  නිරෝධායනයට ලක්කළ බවත් පැවසුවේය.

ක්‍ෂේත‍්‍ර රාජකාරිවල නිරත වනජීවී නිලධාරින්ට කෝවිඞ් මර්දන එන්නත ලබාදී නැද්ද යන්න විමසූ විට ඔහු පැවසුවේ මෙතෙක් එන්නත් කර නැති බවයි. ඉදිරියේ දී එන්නත් කිරිමට නියමිත බව ද ඔහු කීවේය.



අදහස් (0)

පලාබද්දල වනජීවී නිලධාරීන් 4 කට කෙරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 76 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site